සෝනම් කපූර් කියවීමට ඇති ඇල්ම කොතරම්ද යත් ඇය රූගත කිරීම් නොකරන සෑම අවස්ථාවකම පොතක් කියවීමට ආසා කරන්නීය.
"පොත් අපව පරිකල්පන ලෝකයකට ගෙන යනවා. මම රූගත කිරීම් නැති හෝ වැඩ නොකරන විට නිතරම පොත් කියවනවා වගේම ඒවායේ සාරය මගේ ජීවිතයට ලබාගන්නවා. මගේ වඩාත්ම ප්රියතම චිත්රපට සමහරක් උසස් පොත්වල අනුවර්තනයන්. පොත් සහ සිනමාව සඳහා මා තුළ ඇති ආදරය එක සමානයි. හොඳ පොත් හොඳ චිත්රපට බවට පත්වන විට එය පුදුමසහගතයි". ඇය පවසන්නීය.
"පොත් සිත් ඇදගන්නාසුළු සහ විනෝදාත්මක අන්තර්ගතයන් වර්ධනය කරගැනීමට මූලාශ්ර සපයනවා." යැයි සෝනම් වැඩිදුරටත් 'පින්ක්විලා' වෙත පවසා තිබුණාය.