ශ්රී ලාංකික චිත්රපට අධ්යක්ෂ කේසවරාජන් නවරත්නම්ගේ පනෛමරකාඩු චිත්රපටියෙන් සිනමාවේ අත්පොත් තැබූ යාපනය නිජබිම කරගත් ලාංකික නිළි ප්රියා ස්ටීවන් මුත්තයියා මුරලිදරන්ගේ චරිත කතාව රැගත් 800හි චරිතයකට එක්ව තිබේ.
රංගන පසුතලයේ ඡායාරූප කිහිපයක් පහතින් ඇත. මේ ඡායාරූප සමගින් ප්රියා පවසන්නේ චිත්රපටිය ගැන ඇති විවේචන පිළිබඳව තමන් අවබෝධයෙන් සිටින නමුත්, එතැනින් එහාට එහි වැඩ කිරීමට තමන්ට අවස්ථාව ලැබීම ගැන තමන් ආඩම්බර වන බවත්ය.
ශ්රී ලංකාවෙන් 15 දෙනෙකු තෝරාගෙන දායක කරගැනීමට අපේක්ෂා කළ චිත්රපටය වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණට 600ක් සහභාගි වී තිබූ බවත් එම අවස්ථාව ජයගෙන තමන් ලද අවස්ථාව ගැන තමන් සන්තෝස වන බවත් ප්රියා පවසන්නීය.
ප්රියාට 'මිරර් ආට්' වෙතින් සුබ පැතුම්!