තලපති විජේගේ මේ දිනවල බලාපොරොත්තු තැබූ දෙමළ චිත්‍රපටය වන ලියෝ ආරම්භක දිනය පිළිබඳව ප්‍රේක්ෂකයින් තුළ මහත් උද්යෝගයක් තිබූ අතර මේ වන විට තිරගත වීමට පෙර වැඩියෙන්ම ආසන වෙන් කළ චිත්‍රපටය ලෙස ලියෝ ඉන්දීය සිනමා ඉතිහාසයේ සලකුණු තබා තිබේ.
චිත්‍රපටය සාමාන්‍ය ප්‍රදර්ශන වේලාවන් පවා වෙනස් කිරීමට හේතු වනු ඇති බවට ඇතැම් කටකතා පැතිර ගිය අතර චිත්‍රපටයේ නිෂ්පාදකයින් චිත්‍රපටය උදෑසන 7ට ප්‍රදර්ශනය කිරීමට අවසර ඉල්ලා මදුරාසි මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි. එසේම අධිකරණය තමිල්නාඩු රජයට ඒ සඳහා අවසර ලබා දී තිබුණි. අළුයම 4 ප්‍රදර්ශනය සඳහාද අවසර ඉල්ලූ නමුත්, එයට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය.
කෙසේ හෝ පසුව මෙම වේලාවන් දෙකම සඳහා අවසර ලබා නොදීමට තීරණය විය.
එම තීරණය එසේ තිබියදී තමිල්නාඩුවේ පසුබෑම නොසලකා, ලියෝ කේරළ, කර්නාටක, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා වැනි විවිධ ප්‍රාන්තවල උදෑසන තිරගත කිරීම් සිදු කිරීමට සූදානමින් සිටී.