ලංකාවේ සිටින දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ නැටුම් ගුරුවරියක් තමයි ප්රදීපා ආරියවංශ කියන්නේ.
ඒ වගේම ඇය විවිධ රියැලිටි වැඩසටහන් සඳහා විනිසුරුවරියක් ලෙසත් සහභාගී වනවා.
මේ ඇය ගැන කියන්න හදන්නෙ කලාවට සම්බන්ධ පුවතක් නම් නෙමෙයි. මේ ඇය ගැන අහන්න ලැබුණ දේශපාලනික පුවතක්.
ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම කාන්තා බලමණ්ඩලයේ ලේකම්වරියක් ලෙස ඇය පත්වී ඇති බවට වන පුවතයි.
කෙසේ නමුත් මේ පිළිබඳ ‘මිරර් ආට්ස්’ ප්රදීපා ආරියවංශ ගෙන් කළ විමසීමකදී ඇය ඒබව තහවූරු කර සිටියා.