ඉන්දියාවේ ජනප්‍රිය නිළියක පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
චිත්‍රපටයකට හඬ කැවීම සඳහා යමින් සිටියදී පැහැරගෙන ගොස් තම මෝටර් රථය තුළදී තිදෙනෙකු විසින් ලිංගික අතවර කරනු ලැබූ බව මෙම නිළිය චෝදනා කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කේරළ පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරුවන් අතර ඇයගේ රියදුරා වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රධාන සැකකරු තවමත් පොලිසියෙන් සැඟවී සිටියි.
එම පුද්ගලයා ද පැමිණිලිකාර නිළියගේ රියැදුරකු ලෙස කලින් සේවය කර ඇත.
නිළිය පවසන්නේ පැය දෙකක් ඇතුළත පැහැරගැනීම සහ ලිංගික අතවරය සිදුවූ අතර ඇයගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට මුදාහරින බවට, අතවර සිදුකළ පිරිස තමන්ට තර්ජනයකළ බවයි.
-බීබීසී සංදේශය-