ස්වර්ණවාහිනී ආයතනය තුළ හටගෙන ඇති අභ්‍යන්තර අර්බුද හේතූවෙන් ඉන් ඉවත්ව ගිය බුද්ධික කුළසේකර මහතාගෙන් හිස්වූ ස්වර්ණවාහිනී වැඩසටහන් අධ්යක්ෂ ධූරය චවිකා ගුණසේකර මහත්මිය වෙත පිරිනමා ඇතැයි ස්වර්ණවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.
ස්වර්ණවාහිනී පාලනාධිකාරිය සහ සේවකයන් අතර පවත්නා අභ්‍යන්තර අර්බුදයේ මැදිහත්කරුවෙකු බවට පත්වෙමින් චවිකා ගුණසේකර මහත්මිය කටයුතු කිරීම හේතූවෙන් මෙම තනතුර ඇයට පිරිනමා තිබේ.
ස්වර්ණවාහිනී පාලනාධිකාරිය සහ සේවකයන් බහුතරයකගේම හිත දිනා ගැනීමට ඇයට හැකියාව ලැබී ඇතැයි ද වාර්තා වේ.
2015 වසරේ රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ සහ 2014 වසරේ පැවති සුමති සම්මාන උළෙලේ දී හොඳම නිවේදිකාව සම්මානය ද ඇයට හිමිවිය.