ලෝක සිනමාවේ මහා මංගල්‍යය ලෙස හැඳින්වෙන ඔස්කාර් සිනමා උළෙල 89 වන වරටත් ඇමෙරිකාවේ කැලිෆෝනියාහි Dolby රඟහලේදී අද (26) නිමාවට පත් විය.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 14 ක් සඳහා La La Land චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස වැරදීමකින් නිවේදනය කිරීම කාගේත් අවධානයට ලක්වූ සුවිශේෂී සිදුවීමක් විය.
මෙවර ඔස්කාර් සම්මාන සඳහා ඕස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකුම නිරේදේශ වී තිබූ අතර Hacksaw Ridge සිනමා පටයේ රංගනය වෙනුවෙන් Mel Gibson, Lion සිනමා පටයේ රංගනය වෙනුවෙන් Nicole Kidman ද Deepwater Horizon චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් නවක ශිල්පී Jason Billington ද ඒ අතර විය.
සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය ලෙස Tanna සිනමා පටය නිර්දේශ වූ අතර එම ඛාණ්ඩයෙන් ඔස්කාර් සම්මාන ඉතිහාසයේ නිර්දේශ වූ ප්‍රථම ඕස්ට්‍රේලියානු සිනමා පටය ලෙසද මෙය හැඳින් වේ.
මෙවර සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් පහත පරිදි වේ.
හොඳම චිත්‍රපටය - Moonlight
හොඳම අධ්‍යක්ෂණය - Damien Chazelle (La La Land)
හොඳම නිළිය - Emma Stone (La La Land)
හොඳම නළුවා - Casey Affleck (Manchester By The Sea)
හොඳම සහය නිළිය - Viola Davis (Fences)
හොඳම සහය නළුවා - Mahershala Ali (Moonlight)
හොඳම කැමරා අධ්‍යක්ෂණය - Linus Sandgren (La La Land)
හොඳම සංගීතය - Justin Hurwitz (La La Land)
හොඳම ගීතය - Justin Hurwitz, Benj Pasek and Justin Paul (La La Land)
හොඳම විදෙස් චිත්‍රපටය - Asghar Farhadi (The Salesman)
හොඳම සංස්කරණය - John Gilbert (Hacksaw Ridge)
හොඳම දෘශ්‍ය ප්‍රයෝග - Robert Legato, Adam Valdez, Andrew R. Jones and Dan Lemmon (The Jungle Book)
හොඳම නිෂ්පාදන සැලැස්ම - David Wasco and Sandy Reynolds Wasco (La La Land)
හොඳම සජීවිකරන චිත්‍රපටය - Byron Howard, Rich Moore and Clark Spencer (Zootopia)