වසර 70 ක් සපිරුණු සිංහල සිනමා කර්මාන්තය එහි ආරම්භයේ පටන් මේ දක්වා ම විවිධ අර්බුද වලට මුහුණ දුන් සහ ඒවා බොහොමයක් ජය ගත් එකකි.
එහෙත් චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය ප්රමුඛ කොට ගත් නොවිසඳුණු ගැටළු රුසක් විසින් මේ මෙහොතේ එය බරපතල අර්බුදයකට ලක් කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය සංවාදයකට පසු මේ පිළිබඳ විසඳුම් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කරයි.
ඒ අරභයා වන විශේෂ මාධ්‍ය හමුවක් 2017 මාර්තු 01 සවස 3.00ට කෙළඹ 07. මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.