'දොරමඬලාව' ස්වාධීන රූපවාහිනී නාලිකාවේ දශක ගණනාවක් විකාශය වන හරවත් වැඩසටහන් අතරින් එකක් වන අතර ඒ පිළිබඳව වරින්වරට විවිධ විවේචන ආ අවස්ථාද තිබිණි. කලාව පිළිබඳව සංවාද කෙරෙන වටිනා සාකච්ඡා පවා වරෙක එහි විකාශ විය.
ස්වාධීන රූපවාහිනිය මේ වන විට විවිධ වෙනස්කම් කරමින් යළි අලුතින් හඳුන්වා දෙන වැඩසටහන් අතරට 'දොරමඬලාව'ද එක් වී තිබෙන අතර ඊයේ (15) එම වැඩසටහන රාත්රී 10.30 සිට විකාශය කෙරිණි.
මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, මහාචාර්ය ප්රියංග දුනුසිංහ, පාර්ලිමේන්තු මන්ත්රී, නීතිඥ අනුර ප්රියදර්ශන යාපා සමග වැඩසටහන මේ දක්වා මෙහෙයවූ හසන්ත හෙට්ටිආරච්චිද වැඩසටහනට සහභාගි වූ අතර 'මහ බැංකු අධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්රකාශය' වැඩසටහනේ සාකච්ඡාවට බඳුන් විය.