89 වන වරටත් පැවැති ඔස්කාර් සම්මාන උළෙලේදී මූන් ලයිට් හොඳම චිත්‍රපටය හිමි සම්මාන දිනා ගත්තා.
කෙසේ වෙතත්, නිවේදකයාට සිදුවූ අත්වැරදීමක් නිසා ලා - ලා ලෑන්ඞ් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස ප්‍රකාශයට පත්වූ අතර, එහෙත් ඔහු එය නිවැරදි කරමින් කියා සිටියේ මූන් ලයිට් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානය දිනාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඔස්කාර් සම්මාන උළෙලේ සංවිධායකයින් පරීක්ෂණයක් ද ආරම්භ කර සිටි අතර මේ සම්බන්ධයෙන් ඇකඩමි සම්මාන උලෙළේ සභාපති ෂෙරොල් බීන් අයිසක් සඳහන් කර ඇත්තේ, මෙම අතපසු වීමට වරදකරුවන් වූ ගණකාධිකාරීවරයෙකු හා ගණකාධිවරියක යළි සේවයට නොගැනීමට තීරණය කර ඇති බවයි.
එමෙන් ම ඔවුන් දෙදෙනා සේවය කළ මෙම සම්මාන උලෙළේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කළ ගණකාධිකරණ ආයතනය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන බව ඔහු පවසා ඇතැයි වාර්තා වේ.
එම සිදුවීම සම්බන්ධයෙන් රැකියාව අහිමි වී ඇත්තේ, බ්‍රයන් කලිනන් සහ මාර්තා රුයිස් යන ගණකාධිකාරිවරයාට සහ ගණකාධිවරියටයි.
ඔවුන් දෙදෙනා සම්මාන ලාභී නම් ඇතුළත් ලිපි කවර නිවේදකයාට ලබා දුන් මොහොතේ වැරදීමකින්, පසුව සම්මාන පිරිනැමීමට නියමිතව තිබූ හොඳම නිළියගේ නම ඇතුළත් ලිපි කවරය ලබා දී තිබිණි.
එහි සඳහන්ව තිබී ඇත්තේ, La La Land චිත්‍රපටයේ එමා ස්ටෝන් හොඳම නිළිය ලෙස සම්මාන හිමි කර ගන්නා බව ය. එහි La La Land යනුවෙන් සඳහන් වී තිබූ හෙයින් නිවේදකයා හොඳම චිත්‍රපටය ලෙස La La Land යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම සිදුවීම සැලකෙන්නේ, වසර 89ක ඉතිහාසයක් ඇති ඇකඩමි සම්මාන උලෙළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම වරද ලෙසිනි.
සබැඳි පුවත්
ඔස්කාර් උළෙලේ වැරදුන සම්මානය (වීඩියෝ)