lan englan tam

පුවත්

රේඛාවෙන් ලංකාවේ සිනමා රේඛාව ඇඳි නිළිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අයිරාංගනී රොක්සානා මීදෙනිය, නැත්නම් ඔබ කව්රුත් හඳුනන අයිරාංගනී සේරසිහ ලාංකීය සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිළියක්. පසුගිය වසරේ අනූ (90) වියට පා තැබූ ඇය වර්ෂ 1950 සිට මේ දක්වා දක්ෂ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරනනීය. ඊට අමතරව මියුසියස් විද්යාලයේ ගුරුවරියක් වශයෙන් ද කටයුතු කර ඇති ඇය පත්ර කලාවේදිනියක ද වෙයි. ලාංකීය සිනමාවේ පළමු කාන්තාව ලෙසින් විරුදාවලිය ලබන්නේ ද කලාකීර්ති සම්මානයෙන් පිදුම් ලද ඇයමයි. මෙරට සිනමා රංගනය හැදෑරු ප්රථම නිළිය වශයෙන් ඉතිහාසගත වන්නේ ද අයිරාංගනී සේරසිංහයන් ය.

අයිරාංගනී මීදෙනිය තම පළමු වෘත්තීය රංගන දායකත්වය ලබා දෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ජාතික චිත්රපට සංස්ථාව වෙනුවෙන් අධ්යක්ෂණය කරන ලද චිත්රපටයක යි. ඒ අනුව ඇය රංගන ක්ෂේත්රයට ප්රවිෂ්ට වන්නේ මෙරට ප්රවීණතම සහ ජ්යෙෂ්ඨතම චිත්රපට අධ්යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “රේඛාව” සිනමා පටය හරහා යි. 1950 වර්ෂයේ දී තිරගත වූ රේඛාව චිත්රපටයේ මවකගේ චරිතයට පණ පොවන ඇය එහිදී හඳුනාගත් වින්ස්ටන් සේරසිංහ සමඟ විවාහ වූ පසුවයි අයිරාංගනී සේරසිංහ ලෙසින් හඳුනා ගන්නේ. ලංකාවේ චිත්රපට ක්ෂේත්රයේ වැඩිදියුණුව වෙනුවෙන් අයිරාංගනී සේරසිංහයන්ගේ දායකත්වය ඉස්තරම් ය.

චිත්රපට කලාවට මෙන්ම ලංකාවේ ටෙලි නාට්ය කලාවට ද ඇයගේ දායකත්වය අති විශාලයි. 1980 වර්ෂයේ “යශෝරාවය” ටෙලි නාට්යයේ සුදු හාමිනේගේ චරිතයෙන් ආරම්භ වී දු දරුවෝ, ගම්පෙරලිය, නෑදෑයෝ, අම්මයි තාත්තයි, සත් පුරවැසියෝ, මුතු කිරිල්ලි වැනි ජනප්රිය ටෙලි නාට්ය කිහිපයකටම ඇය රංගනයෙන් දායක වී තිබෙනු දැකගත හැකියි.

මේ වන විට 90 වන වියට පා තබා ඇති අයිරාංගනී සේරසිංහ නම් වූ ඇති දක්ෂ කලා ශිල්පිනිය “කලා කීර්ති” සම්මානයෙන් මෙන්ම “Sri Lankan of the Year” සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

සිනමාවේ, පුංචි තිරයේ මෙන්ම වේදිකාවේ ද ජනප්රිය චරිතයක් වූ අයිරාංගනී සේරසිංහ දශක පනහකටත් අධික කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටීමේ භාග්යය උදා කරගෙන ඇත්තේ ඇය තුළ ඇති ප්රතිභාපූර්ණ රංගන ප්රතිභාව නිසාවෙන්මයි.

ලියුම්කරුගේ නම සඳහන් නොවීය. Sinhala Sindu ෆේස්බුක් පිටුවෙනි.

Back to top
Go to bottom

Popular News