lan englan tam

පුවත්

නලින්ද සිල්වා ගැන සමකාලීනයකුගේ අදහසක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නලින් සිල්වා උපන්නේ 1944 ඔක්තොබර් 20දා යා. මා උපන්නේ ඉන් දින 38කට පසුව ය.දෙන්නම පානදුරේ ය. ඔහු වෑකඩ ය;මා තුඩුවේ ය. දුර කිලෝමීටර් 2ක් පමණ වේ. ඔහු සරසවිය ගියේ 1962 ය. මා 1963 ය. ඔහුත් මමත් සමසමාජකාරයන් වීමු.

 

1964 මහා පාවාදීමෙන් පසුත් ඔහු එම සමසමාජ පක්ෂයේම ලැග සිටි අතර ( පස් කලෙක නව සමාජ පක්ෂයට එක්වි මාක්ස්වාදයට එරෙහි සිය ව්යාපාරය ඇරඹී ය.) මම එම පාවාදීමට එරෙහිව පිහිටුවනු ලැබූ ලසසප (වි) සමග එක්වී මාක්ස්වාදය වෙනුවෙන් වූ මගේ සටන ඇරඹීමි..මේ සමීප කරුණු සියල්ල තිබියදීත් එතෙක් කිසිදා හමුව නොතිබූ අප දෙදෙනා පණපිටින් පළමුවරට හමු වූයේ විය යුතුව තිබූ පරිදිම දරුණු පතිවාදීන් ලෙස ය. ඒ ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්ය සංගමය මගින් සංවිධානය කෙරුණ සම්මන්ත්රණයකදී දේශකයන් ලෙස ය! ඔහු සහ මහාචාර්ය විමල ජයසූරිය එක් පාර්ශ්වයක ද වික්රමබාහු සහ මම අනෙක් පාර්ශ්වයේ ද් වීමු.. ප්රස්තුතය වූයේ මෙරට ජාතික ප්රශ්නයයි. නලින් සිල්වාගේ සමහ්ර චරිත ලක්ෂණ පිළිබඳව මේ දිනවල මුහුණු පොතේ පළවන කරුණු එම පළමු හමුවේදි ම මට දැක ගත හැකි විය. පොත් ගොන්නකුත් රැගෙන වේදිකාවට ගොඩ වූ ඔහු, ඒ ගැන මා කළ සඳහන් කිරීමද නොතකමින් ඔහු එකම පොතකින්වත් කිසිඩු උපුට දැක්වීමක්වත් නො කළේ ය. මගේ කතාවේ එකම කරුණකටවත් පිළිතුරු නොදුන් ඔහු ඔහු කී එකම දේ වූයේ " මේ වගේ විශාල සෙනගකට කතා කිරීම අන්ද්රාදි මහත්තයට මහ ලොකු දෙයක් වෙන්න ඇති" යන "නිබ්බුත" භූත පදය පමණි. ඒ මා නිකම් ම නොකවුට් කිරීම ඔහුගේ "දාර්ශනික" විදීක්රමය වූ නිසා ය. කාලෝ ෆොන්සේකාගේද සහභාගීත්වයෙන් කෙරුණ රූපවාහිනී වැඩ සටහනකඩී ඔහු හසිරුණ ඒකාධිපති ක්රමයට ගැලපෙන අයුරින් අපේ විවාදයෙදී ද ඔහු හැසිරුණේ, තමාට නියමිත කාලය අවසන් බව දැන්වූ විට, එම ඔර්ලොසුව වැරදි බව කියමින් තවත් සෑහෙන කාලයක් කතා කිරීම ය!    M 

ප්‍රවීණ ලේඛක ටී. අන්ද්‍රාදි

Back to top
Go to bottom

Popular News