lan englan tam

පුවත්

'ළඳුනේ' වෙනස් පෙනුමකින්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රණ්බණ්ඩා සෙනෙවිරත්න අධි නීතිඥවරයා විසින් රචනා කරනු ලදුව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කරනු ලැබූ'ළඳුනේ' ගීතය ගීතයේ මුල් ගායක වන අමරසිරි පීරිස් විසින් ගායනා කරනු ලැබ එළිදක්වා තිබේ. ගීතයේ ශ්‍රී ලාංකික ජන මනසට වැඩි වශයෙන් පොදු රූප රචනාවකින් තොරව මාධව විසින් ගායනා කරන ලද ගීතයේ බෙහෙවිත් හැඟුම්බර බව ඔහුට ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ රසික පිරිස සඳහන් කර ඇති අතර මාධව විසින් ගීතය ගැන ගෞරවනීය සටහනක්ද එකතු කරනු ලැබ තිබේ.

අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ අද්විතීය පදවැලට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මුසුකල, තනුව හා සුමියුරු සංගීතයට පණපෙවූ මා පියාණන්ගේ ගාම්භීර හඩින් කල එලි බැස්ස මෙම ගීයට මාගේ හදවතේ තිබෙන්නේ සුවිශේෂ ස්ථානයක්...

ඵකලටත් වඩා මෙකලට ගෝචර වන මෙම අති ප්‍රබල නිර්මාණය ඉතා පරෙස්සමෙන් අත පත ගා ඔබ වෙතට තිළිණ කරන්නේ මුල් ගීයට සසඳන්නට තබා කිට්ටු කරන්නටවත් බැරි බව ඉතා හොදින් වටහාගෙනයි.
මා පියාණන්ටත්,
අචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ටත්, අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ටත් පිදෙන හදපිරි උත්තමාචාරයයි මේ...!!!

- මාධව පීරිස් -

kemadasa

shungara

Back to top
Go to bottom