lan englan tam

පුවත්

නොස්ටැල්ජික් මතකයක නොදුටු කතාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'おしん' (ඔෂීන්) කියන්නේ ලංකාවේ වගේම ලෝකයේත් නොස්ටැල්ජික් මතකයක් ගොඩ නැන්වූ අපූරු ටෙලිනාට්යයක්...

ජපානයේ ජපන් උරුමයක් වූ ඔෂීන් ටෙලිනාට්ය අදටත් ඔවුන් සලකන්නේ ඔවුන්ගේ සංස්කෘතිය ලොවට හදුන්වාදුන් විශිෂ්ඨ කෘතියක් ලෙසයි.

1983 දී ජපානයේ NHK රූපවාහිනියේ 30 වැනි සංවත්සරය සැමරීමේ කොටසක් ලෙස ඔවුන් ඔෂින් (おしん) නමින් අනුක්රමික රූපවාහිනී කතා මාලාවක් නිෂ්පාදනට කරනවා.. මෙය කාන්තා කේන්ද්රීය ටෙලිමාලාවක් වූ අතර, 1900 වසරේදී උපත ලද ඔෂින් නම් ගොවි ගැහැණු දැරිය දරිද්රතාවය සහ හිරිහැර විඳදරා ගනිමින් ඇගේ පසුකාලීන ජීවිතය සාර්ථකත්වය සහ සතුට සොයා ගන්නා අයුරු මෙම කතාමාලාවෙන් ඔවුන් නිර්මාණය කර තිබුනා.

මෙහි ළමා , තරුණ සහ මහළු ලෙස ඔෂීන් නම් නාමික චරිතය ටෙලිනාට්ය පුරා විහිදෙන අතර ඔවුන් මේ සඳහා තරුණ ඔෂීන්ගේ චරිතය ලබා දෙන්නේ එවක ජපානයේ සිටි තරුණ අතිදක්ෂ නිළියකටයි..ඇය නමින් යුකෝ ටනාකා

ටනාකා ඒ වනවිටත් ඉතා තරුණ අවදියේ පසු වූ අතර ලාබාල අවදියේම ඇය ජපාන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිලිය යන සම්මානය දෙවරක් ලබාගෙන තිබුනා ..

ඇය රංගනයට එන්නේ 1979 වසරේදී ඇගේ දක්ෂතාවය හඳුනාගන්නා බොහෝ අධ්යක්ෂක වරු ඇයව ජපාන සම්භාව්ය සිනමාවට යොදාගන්නේ ඉතා යුහුසුළුවයි. ඒ අනුව ඇය AMAGI PASS (1983), ZA REIPU (1982) සහ EDO PORN (1981) කියන සම්මානනීය සම්භාව්ය චිත්රපට ත්රිත්වයේම රංගනයෙන් දායක වනවා..

නමුත් නිරූපිකාවක් සේම දක්ෂ රංගන ශිල්පිනියක් වූ ටනාකා මේ චිත්රපට ත්රිත්වයේම රඟපාන්නේ සම්පූර්ණ නිරුවත් දර්ශන සහිතවයි.. මෙය නිළියක් වශයෙන් ඇය අභියෝගාත්මකව ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කළා. ඇගේ EDO PORN (1981) චිත්රපටියේ පෝස්ටරය පවා නිර්මාණය කර තිබුනේ ඇගේ පියයුරු පෙනෙන අයුරින් ලබා ගත් ඡායාරූපයක් සහිතවයි..

සිනමාත්වකව එකල ජපානය ඉතා දියුනු තත්වයක තිබුන අතර ටනාකාගේ නිරුවත ඔවුන් දැක්කේ සිනමාත්වකවයි..නමුත් 1983 වසරේ නිකුත් වූ ඔෂීන් හී ඇගේ චරිතය ඇය ඊට පෙර රඟපෑ සියළු චරිත වලට වඩා අතිෂයින් වෙනස් වූ චරිතයක් වූ අතර ඇය ග්රාමීය අහිංසක තරුණියගේ චරිතයට තෝරා ගැනීමම අභියෝගයක් වූවා..

කෙසේ නමුත් 1983 වසරේ ඔෂීන් විකාශය වීමත් සමගම NHK ආයතන නොසිතු ලෙස මේ කතාමාලාව ලොව පුරා ජනප්රිය වනවා. මෙය 1983 අප්රේල් සිට 1984 මාර්තු දක්වා විකාශය වූ මිනිත්තු පහළොවක කථාංග 300කට ආසන්න ප්රමාණයකින් විකාශය වූ අතර , එය "ජපන් රූපවාහිනී ඉතිහාසයේ වඩාත්ම ජනප්රිය නාට්යය" බවට පත්වූවාය.

මෙහි තරුණ ඔෂීන් ලෙස ටනාකා එක් රැයකින් ජනප්රිය තරුවක් වන්නේ ඇයත් නොසිතූ ලෙසයි..මේ වනවිටත් සම්මානනීය නිළියක් ලෙස ජපානය තුල ජනප්රිය වූ ටනාකා මේ නොසිතූ ජනප්රියත්වය සමගින් ලෝකයම හඳුනන සහ ආදරය කරන නිළියක් බවට පත් වනවා..

ජපානයේ ආහාර, සංස්කෘතික සිරිත් විරිත්, ඇඳුම් පැලදුම් වල ජපන් සංස්කෘතික නිරූපනයක් වූ ටනාකාව ජපන් උරුපමක් වන්නේ ඉන් පසුවයි. ඇගේ පෙර සම්මානනීය යූ නිරුවත් දර්ශන සහිත චිත්රපට මෙයට හරස් වන්නේ ඉන් පසුවයි..

මිනිසුන් දේවත්වයෙන් ටනාකාට ගරු කරන්නට පටන් ගැනීමත් සමඟ ඇගේ මේ නිරුවත් දර්ශන අඩංගු සම්භාව්ය චිත්රපටත් ලොව පුරා අලෙවි වන්නට පටන්ගෙන තිබෙනවා.. ඇගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප පවා අලෙවි වීමට පටන්ගෙන තිබුන නිසාවෙන් ජපන් රජය මේ ගැන අවධානය යොමු කරනවා..

මෙන්න මේ සිදුවීමෙන් පසුවයි, ටනාකාගේ රංගනයේ තටු ජපන් රජය විසින් කපා දමන්නේ..

ඔෂීන්ට පෙර ස්වාධීනව චරිත තෝරාගනිමින් ඇය නිදහසේ රංගනයේ යෙදුනත් ජපන් උරුමයක් වූ ඇය ඉන් පසුව චරිත තෝරාගැනීමේදී ඔෂීන් නම් ගැහැණියගේ චරිතයට කිසිදු අයුරකින් හානියක් නොවන අයුරින් චරිත තෝරාගත යුතු බවට ජපන් රජය ඇයට නියෝග කරනවා..

අපි ඔෂීන්ට ආදරය කරන්නට පෙළබෙන්නේ ඒ ටෙලිනාට්ටියේ ඇගේ ඌ සුන්දරත්වය සහ රංගන ආකර්ශනය නිසයි.. නමුත් ඉතා සැහැල්ලුවෙන් රංගන වෘත්තීය සම්නානනීය ලෙස සිදුකරමින් සිටි මේ දක්ෂ නිළියට මේ චරිතයත් සමඟ නීති පැනවෙන්නේ ඉන් පසුවයි..

ටනාකා පසුකාලෙක මේ ගැන දැඩිව කනගාටු උනත් ඇය ඔෂීන් නම් චරිතයට බෙහෙවින් ප්රේම කළ නිසා ඉන් පසුව ඇය රඟපෑ බොහෝ චරිත තෝරාගැනීමේදී ඉතා සැලකිලිමත් වීමට කටයුතු කර තිබෙනවා..

අවසානයේ ටනාකා ඇගේ අපූරු රංගන නිඳහස අපි වෙනුවෙන් කැප කළේ සැබෑ ලෙසට ඔෂීන් හී ඔෂීන් ඇගේ ජීවිතය පවුල වෙනුවෙන් කැපකලා සේම නොවේ ද?

 

MMP Ranaweera ගේ සටහනක් ජගත් කැළුම් විජේවර්ධන විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News