ජනප්‍රිය සහ ප්‍රවීණ ගී පද රචිකාවියක වන යමුනා මාලිනී පෙරේරා පසුගිය දිනක ජාතික රූපවාහිනියේ 'නුග සෙවණ' වැඩසටහනට සහභාගි වූවාය.
එම වැඩසටහනට ඇය සහභාගි වූයේ සිය දියණිය ප්‍රතිභා ප්‍රභා සමගය.
සංගීත ක්ෂේත්රයට මහා මෙහෙවරක් කරමින් රසවත් ගී නිර්මාණ ගණනක් රචනා කළ යමුනා මාලිනිය එහිදී පැවසුවේ තමන් කුඩා වියේදී ගී ඇසීම මිසක ගී නොලියූ අතර තමන් කාව්‍ය රචනා කළ තැනැත්තියක් වූ බවත් ගීත රචනා කිරීම ආරම්භ කළේ විවාහයෙන් අනතුරුව වන බවත්ය.
ජනප්‍රිය ගීතයක් වන 'ගහක මල් පිපිලා' ගීතය රචනා කිරීමට හේතු වූයේ තමන් කාව්‍ය රචනා කළ කාලයේදී වූ රසිකයෙකු ප්‍රකාශ කළ ප්‍රේමයක් පිළිබඳව වන බවද ඇය එහිදී ප්‍රකාශ කළාය.