lan englan tam

පුවත්

විශ්ව සාහිත්‍යයේ ඉන්දියානු සන්නාම තානාපතිනිය - අනීටා දේසායි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ ප්‍රබල ලේඛිකාව, නවකතාකාරිනිය මෙන්ම ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක ද වන, අනීටා දේසාය්යි සිය දිවියේ 86 වන සැතපුම් කණුව පසුකරන දිනය - 24/ජුනි/1937 වෙනුවෙන් බෝපිටිය ලලිත් විසින් ලියූ සටහනකි.

ඉංග්‍රිසියෙන් සාහිත්‍යකරණයේ යෙදෙන, විශ්ව සාහිත්‍ය තුල ඉන්දියානු නාමය තදින් සනිටුහන් කරවන, නවීන සාහිත්‍ය නැමියාවක් සහිත රැඩිකල් ප්‍රතිසංස්කරණවාදී නවකතාකාරිය ලෙසද ප්‍රබල ස්ත්‍රීවාදිනියක් හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙසද ලොව ප්‍රකට අනිටා දේසායි සිය 86 වන ජන්ම දිනය අද සමරයි.
සාහිත්‍ය කරණයේ තවමත් ඇති ඇගේ ජංගමශීලී ලේඛන තාරුණ්‍ය ලෝක සාහිත්‍ය තුල අද ද කතා බහාට ලක්වෙමින් පවතියි.
මානව ශ්‍රාස්ත පිළිබඳව (Professor of Humanities) මහාචාර්වරියක වන ඇය, බුකර් සාහිත්‍ය ත්‍යාගය සදහා අවස්ථා තුනකදී කෙටි ලැයිස්තුගත වීමට ලක් වූ අතර ඇගේ ප්‍රබල නවකතාවක් වන The Village by the Sea සදහා ප්‍රකට බ්‍රිතාන්‍ය ගාර්ඩියන් සම්මානය (British Guardian Prize) හිමි කරගත් අතර ඇගේ බොහෝ කෘතීන් ලෝකයේ සම්භාවනාවට ප්‍රාත වූ කෘතීන් වේ.
(2006 වසරේ සාහිත්‍ය සදහා වූ බුකර් ත්‍යාගය දිනාගනු ලබන්නේ ඇගේ දියණිය වන කිරාන් දේශායි ය.)
"මළල ක්‍රීඩකයකු සිය දක්ෂතා වර්ධනය කර ගැනුමට දිනපතා පුහුණු වීම් කරන්නා සේ හොද ලේඛකයකු වීමට අවශ්‍ය අයෙක් දිනපතාම මොනම හෝ කෙටි ලියමනක් හෝ ලිවීම අනිවාර්යෙන්ම අවශ්‍ය බව නිතරම පවසමින් ලේඛනයේ යෙදෙන්නන් දිරිමත් කරන මේ ප්‍රබල ඉන්දියානු සාහිත්‍යකාරිනියට අප සුබ උපන් දිනක් හා දීර්ඝායු ප්‍රාර්ථනා කරමු.

Back to top
Go to bottom

Popular News