lan englan tam

පුවත්

'දුර්වල තිර පිටපතක්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
'දුර්වල තිර පිටපතක්...ඉර මැදියම, පවුරු වළලු තැනු ප්රසන්න පාරාදීසයේ අතරමං වීම...

'ඉර මැදියම, පවුරු වළලු, පුරහඳ කළුවර, අනන්ත රාත්රිය හැදු අහෝ! ප්රසන්න විතානගේ ඔබම ද මෙි......? යැයි මට ඔහුගෙන් අසන්නට සිතෙයි. ප්රසන්න විතානගේ විසින් අධ්යක්ෂණය කළ අනෙක් විශිෂ්ට චිත්රපට හා සංසන්දනය කරද්දී 'පැරඩයිස්' යනු ඔහු නිර්මාණය කළ අතිශය දුර්වලම චිත්රපටය බවයි මගේ පෞද්ගලික අදහස නමි. කෙළින් කියනවා නමි දර්ශනා සහ රොෂාන් දම්මලා හැදු වටිටෝරුවෙි පවතින සාමාන්ය ගණයේ චිත්රපටයක් බව කිව යුතුය. චිත්රපටයේ කතාව අති සරල ය. ප්රසන්නගේ පෙර චිත්රපටවලින් සහමුලින්ම වෙනස් වූ කමර්ෂල් ටයිප් එකේ වැඩකි. හරියටම කියනවා නමි ප්රසන්නගේ මුද්රව රහිත කමර්ෂල් ටයිප් එකේ චිත්රපටයකි.

එක් පසෙකින් මලයාලමි සුප්රකට නිළියක සහ නළුවෙකු වන දර්ශනා සහ රොෂාන් චිත්රපටයේ ප්රධාන චරිතය සඳහා යොදාගත්තේ ලංකාවෙි සිටින බහුතර මලයාලමි ප්රේක්ෂකාගාරය චූන් කිරීමට බව පැහැදිලි ය. මලයාලමි චිත්රපටවලට වහ වැටුනු ප්රේක්ෂකයන්ට 'පැරඩයිස්' යනු මාර චිත්රපටයක් වන්නේ ඒ නිසා ය. ප්රසන්න විතානගේ යනු ශූර ගණයේ තිර පිටපත් රචකයෙකු බව අවිවාදිත ය. ඉර මැදියම වැනි බහු ආඛ්යාන ⁣ශෛලිය සහිත දුර්ලභ ගණයේ චිත්රපටයක් තැනූ ප්රසන්න විතානගේගෙන් මෙවැනි ගණයේ අති සරල දුර්වල ලක්ෂණ ප්රකට කරන තිර පිටපතක් බලාපොරොත්තු වූයේ නැත. චිත්රපටයේ තිර පිටප⁣ත අතිශය දුර්වල ය. නිදර්ශනයක් ලෙස චිත්රපටයේ එන සාජන් බණ්ඩාර කියන පරිදි අවුරුදු තිස් ගණනක තම රාජකාරි ජීවිතය තුළ මෙවැනි සිද්ධියක් විසඳිම කිරි කන වැඩක් බව කියයි.
නමුත් ඒ අවුරුදු තිහක අත්දැකීම තිබෙනවයි කියන සාජන් බණ්ඩාරට නීතියෙන් මෙම සිදුවීම දෙස බලන ක්රමය සහ විසඳන ප්රාථමික පියවර මතක් වන්නේ බංගලාවට පැමි⁣ණි ගල් අරක්කු විදුරුවක් උගුරට වැටුනු මොහොතේදී ය. ඒ වනවිට සියල්ල සිදු වී හමාරය. තිර පිටපතේ හොඳම විහිලුව වන්නේ එයයි. චිත්රපටයේ තිරපිටපත තුළ ඇති දුර්වලකම වන්නේ එයයි. සිද්ධි තුළ තාර්කිබවක් නැත. ටෙලිවිෂන්වල පෙන්වන මාසේ පෝය නාට්යයක් මෙනි. දියාරු මටිටමෙි ක්ලයිමැක්ස් එකකි. චිත්රපටය අවසන් කරන්නේ වේග⁣වත්වය. චිත්රපටයේ කේන්ද්රය ලෙස යොදාගෙන ඇති රාම - රාවණා කතා පුවත වඩාත් ඉස්මතු කිරීම හරහා චරිතවලට කිසිදු ගැලපීමක් නමි පෙනෙන්නට නැත. කේසවි සහ අමිරිතාට සිදු වූ අකරතැබ්බය හා සීතා ගින්නට පැනීමෙි අතිශයෝක්තිය වඩවන කතාව තුළ ගැලපෙන්නේ කෙසේදැයි නොදනිමි. කතාවෙි නිශ්චිත දිශාවක් නැත.
ලංකාවෙි ආර්ථික අර්බුදයෙන් හෙමිබත් වු ජනතාවගේ උද්ඝෝෂණ වෙත කැමරාව හැරවීම, රාම රාවණා වැනි ෆැන්ටසිමය ප්රබන්ධ පිළිබඳ කෙරෙන හුදු කයිවාරුව තිර පිටපත තුළ ඉස්මතු කිරීම ප්රසන්න සිදු කරන්නේ අවංක තැනකින් නොවෙි. රාවණා පිළිබඳ අධි මිථ්යාව ප්රසන්න චිත්රපටය තුළ ස්ථානගත කරන්නේ උදේ හවා ටෙලිවිෂන්වල, යුටියුබිවල, දිනපතා පුවත්පතවල පතුරු ගසන ආකාරයෙන් විනා ඔහුගේ ක්රමයට නොවෙි. වර්තමානයේ රාමායණ සමිබන්ධ විවිධ අනුවර්තනයන් පවතින බව කියන්නට මෙවැනි චිත්රපටයක් අවශ්ය නොවෙි. එය ලංකාවෙි දිනපතා ටෙලිවිෂන් සහ යුටියුබි සහ පත්තර විසින් කරති. එහි අලුත් දෙයක් නොමැත. රාවණා - රාම පුවත මිථ්යාවක් බව අප සියල්ලෝම දනිමු. අධ්යක්ෂකවරයාගේ ආධ්යාෂය(director Intention) කුමක්දැයි පැහැදිලි නැත. සිදුවීමෙි අවසානයේ පුද්ගලයන් කවුද? යන්න ප්රසන්න ඉදිරිපත් කරන්නේ ද නැත. චිත්රපටය තුළ දුටු සතුටුදායක හැකි එකම දේ වන්නේ ශ්යාමි ප්රනාන්දුගේ රංගනය පමණී. දර්ශනා හෝ රොෂාන්ගේ රංගනය තුළ සෑහිමකට පත් විය හැකි යමක් නිරික්ෂණය වුයේ නැත.
බොහෝ අය පවසන්නේ ප්රසන්නගේ දුර්වලම චිත්රපටය 'ගාඩි' බවයි. පෞද්ගලිකව මට නමි මීට වඩා ප්රසන්න අධ්යක්ෂණය කළ 'ගාඩි' චිත්රපටය හොඳ ය. පැරඩයිස් චිත්රපටය වඩා ගාඩි චිත්රපටයේ අධ්යක්ෂකවරයාගේ අරමුණ සහ පිටපත පැහැදිලි ය. පැරඩයිස් යනු ප්රසන්නගේ අනන්යතාවය නැති කරගත් සිනමාපටයකි. ඉර මැදියම, පවුරු වළලු, අනන්ත රාත්රිය, පුරහඳ කළුවර, ආකාස කුසුමි, ඔබ නැතිව ඔබ එක්ක වැනි විශිෂ්ට චිත්රපට තැනු ප්රසන්න විතානගේ වැනි කතෘ අධ්යක්ෂකවරයකු මලයාලමි හැඩයට චිත්රපට හදන්නට යෑම තනිකරම විහිලුවකි.
මලයාලමි චිත්රපටවල ඇති කොලිටිය රජිවි රවි වැනි විශිෂ්ට මලයාලමි කැමරා අධ්යක්ෂකවරයකු හෝ මලයාලමි නිළි දර්ශනා හෝ නළු රොෂාන් වැනි කලාකරුවන් දම්මලා ගත නොහැකි ය. මලයාලමි චිත්රපටවල ඇති කොලිටිය නමි ප්රසන්නට තියා ලංකාවෙි කිසිම නිර්මාණකරුවකුට කවදාවත් අල්ලන්ට බැරි ය. ලංකාවෙි ලස්සන තැන්වලට කැමරාව අල්ලා ටුවරිසමි ප්රමෝට් කලාට මලයාලමි ෆිල්ම්වල ඇති කොලිටිය නමි එන්නේ නැත. ප්රසන්න 'පැරඩයිස්' තුළ කර ඇත්තේ පෙර කීවාක් මෙන් ලංකාවෙි ලස්සන තැන්වලට කැමරාව අල්ලා දෘෂ්ටිවාදීව එකඟ නොවන මොකක්හරි ඉතිහාස කතාවක් අටවා ලංකාවෙි ප්රේක්ෂකයාගේ ඇගේ ගැසීමකි.
 
මලින්ත විතානගේ
Back to top
Go to bottom

Popular News