lan englan tam

පුවත්

'සිනමා ප්‍රශ්න 10' ලක්මාල් ධර්මරත්නට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සිනමාවේදීන්' සමූහයේ පරිපාලක කාණ්ඩයේ සාමාජිකයෙකු වන උපුල් දිසානායක විසින් එම සමූහය සඳහා පළ කරන විශේෂාංගයක් වන 'සිනමා ප්‍රශ්න 10' සඳහා සම්බන්ධ කර ගත් චරණ ටීවීහි ශෙනාල් ගුණසේකරගේ සංවාදය පළ කිරීම පිළිබඳව බොහෝ සාධනීය ප්‍රතිචාර ලැබී තිබිණි.

ඒ අනුව විශේෂාංගයේ නිර්මාතෘගේ අවසරය ඇතිව ඔහු කළ අනෙකුත් සාකච්ඡාද පළ කිරීමට කටයුතු කර තිබෙන අතර 'කූඹියෝ' ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නට යොමු කළ ප්‍රශ්නාවලිය මේ සමග පළ කෙරේ.

 

ඉතිං.. මගේ ⁣තුන්වන දවසේ මම තෝරා ගන්නවා, මගේ මිතුරු සිනමාවේදී ලකා ධර්මරත්න නිර්මාණකරුවාව. ඔහු ගැන මම හැඳින්වීම් දෙන්න යන්නෙ නැ. මේ නිහතමානීකමට හිස නමා ආචාරය පුද කරනවා මම.

 

ප්‍රශ්න 10

1. සිනමාව කියන දේ ඔබේ ජීවිතයට බලපෑවේ කෙසේද?

"මම නොදන්නා මට නොලැබෙන තත්ව, හැඟීම්, අත්දැකීම් ලබාගන්න පුළුවන් 'ජීවිත්' රසවිඳින්න පුළුවන් medium එකක් විදියට."

 

2. ඔබ නරඹලා තියෙන චිත්‍රපට/සීරීස් කන්දරාවෙන් චිත්‍රපටයක/සීරීස් එකක තිබූ අමතක නොවෙන සිදුවීමක් කියන්න.

"ගොඩාක් තියෙනවා. නමුත් මම ඉතා ආසයි Emir Kusturika ගේ Underground චිත්‍රපටියෙ underground ඉන්න තාත්තයි පුතයි පොළව මතුපිටට ආවට පස්සේ මූණදෙන මුල්ම සුදුවීම් පෙළට සහ ඒ හැඟීම් ටිකට."

 

3. කැමතිම නළුවෙක්/ නිළියක් ගැන ,කෙටියෙන් කියන්න

"Paul Giamatti - A brilliant performer"

 

4. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපට ලැයිස්තුවෙන් වැඩිපුරම චිත්‍රපට ප්‍රමාණයක් නරඹලා තියෙන්නෙ කුමන අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටද ?

"Woody Allen"

 

5. ඔබ වැඩියෙන්ම නරඹලා තියෙන්නෙ කුමන ශානරයේ චිත්‍රපට කියලද ඔබ හිතන්නෙ

"Drama"

 

6. අධ්‍යක්ෂණය/ රඟපෑම හැරුනහම..සිනමාවේ ඔබ වඩාත්ම ප්‍රිය කරණ අංශය කුමක්ද?

"Production Designing "

 

7. ෆේස්බුක් එකෙන් ඔබ සිනමාව ගැන ඉගෙණගත් කාරණයක් අපටත් දැනගන්න කියන්න.

"ඕනෑම හොඳ යයි සම්මත චිත්‍රපටියකට ඉතා පැහැදිලි තර්කයක්ද සහිතව එකඟ නොවන පිරිසක් සිටින බව හෙවත් රසවින්දනයේ විස්තීරණ භාවය."

 

8. සිනමාකරුවෙකුට/රංගනශිල්පියෙකුට- ඔබට කියන්නට යමක් ඇත්නම් ඒ අදහස ලියන්න

"දිගටම නොනවත්වා වැඩකරන්න (Keep working )"

 

9. ලංකාවේ සිනමාව ..කෙදිනක කෙසේ දකින්නටද ඔබේ ආසාව

"හැමදාම මෙහෙමම. මේක තමයි අපේ සිනමාව."

 

10. ඔබ කැමති කැටගරියක් තොරාගන්න.
ඒ කැටගරියේ ඔබ කැමතිම චිත්‍රපට 10 ක් ලියන්න.

"Drama (Thriller)"
* The Godfather
* Schindler's list
* Pulp Fiction
* Cafe Society
* Deconstructing Harry
* Silver Linnings Playbook
* Lost Daughter
* Annette
* Goodfellas
* The Wrestler

 

උපුල් දිසානායක විසිනි

Back to top
Go to bottom

Popular News