lan englan tam

පුවත්

චිත්‍රපට සමාරම්භක උත්සවයට විවේචන ආ 'මුල්ලේරියා සටන'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මුල්ලේරියා හටන' යනු කොළඹ ප්‍රදේශය මුල් කරගත් ඓතිහාසික සටන්වලින් අවධානයට ලක් වූ ඓතිහාසික සටනකි. කෝට්ටේ රාජධානිය වෙනුවෙන් ටිකිරි බණ්ඩාර කුමාරයා විසින් පෘතුගීසීන්ට එරෙහිව 1562දී මෙහෙයවනු ලැබූ යුද්ධය මෙසේ හඳුන්වන අතර එම සංග්‍රාමය චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය කිරීමට චිත්‍රපට නිෂ්පාදක සනත් අබේසේකර කටයුතු කර තිබේ. චිත්‍රපටයේ මුහුරත් උලෙළේදී එම උත්සවයේ විවිධ කාරණා පිළිබඳව විවේචන පැමිණ තිබූ අතර ඇතැමෙකු එහි පසුතල උපාංගවල ගුණාත්මකබව විවේචනය කර තිබිණි. කෙසේ නමුත්, චිත්‍රපටයේ සමාරම්භක උත්සවය උත්කර්ෂයෙන් පවත්වා තිබිණි.

සිනමා අධ්‍ය්ක්ෂ සනත් අබේසේකරගේ නවතම සිනමා නිර්මාණය වන 'මුල්ලේරියා සටන' කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධනගේ නිෂ්පාදන සංකල්පයක් ලෙස නිර්මාණයට කටයුතු යොදා තිබේ.
චිත්‍රපටයේ සමාරම්භක උත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පැවැත්වුණේ කොටිකාවත්ත සණස ශ්‍රවණාගාරයේදීය.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්, සංස්කරණය අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, අංගරචනය මනනුවන් රූපසිංහ, සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුභසිංහ, ගායනය විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, සහාය අධ්‍යක්ෂණය චන්දන එදිරිසිංහ, ඇඳුම් නිර්මාණය රමේසා ඕෂනි, කොණ්ඩා නිර්මාණය හරුන් ෂෙයිඩ්න්, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක හා සඳුන් පෙරේරා,නිශ්චල ඡායාරූප අමල් රෝස් විසින් සිදු කරනු ලබයි.
සනත් ගුණතිලක, ලකී ඩයස්, රන්ජන් රාමනායක, උද්දික ප්‍රේමරත්න, ඉසුරු ලොකු හෙට්ටිආරච්ච්, නිමල් පල්ලේවත්ත, පබෝදා සංදීපනී, උදාරි වර්ණකුල සූරිය, නදීෂා හේමමාලි, චුලක්ෂි රණතුංග, ශ්‍රීමාල් වෙඩිසිංහ, දිනෙත් ද සිල්වා, රොෂාන් පිලපිටිය, විශ්ව ලංකා, නිරෝෂන් ඉලේපෙරුම, කැලුන් ශ්‍රී, රිතු ආකර්ෂා, දෙනෙත් ආකර්ෂ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News