දමිළ සිනමා නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ද හින්දු පුවත්පත සඳහන් කර ඇත්තේ ඔහු ලබන අපේ‍්‍රල් මස 9 සහ 10 දිනවලදී යාපනය හා වව්නියාවේ නිවාස ලබා දීමේ උත්සව දෙකකට සහභාගි වන බවයි.
ඉන්දියාවේ ලයිකා චිත්‍රපට සමාගම විසින් පවත්වාගෙන යන ඥාණම් පදනම මෙවැනි නිවාස 150 ක් ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙනවා.
ඒ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 22 ක් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රජිනි කාන්ත් යාපනයේ පැවැත්වෙන රැළියකට ද සහභාගි වීමට නියමිතයි.