2017 මාර්තු 31 වැනිදා සිට 2017 අප්‍රේල් 4 දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා භූමියේදී පැවැත්වීමට නියමිත “තිරසර ලංකා “ ජාතික මංගල්‍යය පිළිබද ව මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය සාකච්ඡාව බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුරේදි අද දින (30) ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ සහ ජනාධිපති කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරෙනි .
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා - ජාතික මංගල්‍යය 2017 මාර්තු 31 සිට අප්‍රේල් 01 02 03 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා භූමියේදි පැවැත්වීමට නියමිතයි.
පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාපාදක සංවිධාන, සමූපාකාර සමිති, විද්‍යාඥයින්, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදින්, පාසැල් දරුවන්, තරුණයන්, ගොවි ජනතාව ගේ සහභාගිත්වයෙන් “තිරසර ලංකා “ ජාතික මංගල්‍යය පැවැත්වෙයි. ඇතුළුවීම සඳහා කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව නොමිලේ පැවැත්වෙන “තිරසර ලංකා“ - ජාතික මංගල්‍යය තිරසර අනාගත ශ්‍රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත ය.
ඡායාරූප - දෙනුවන් බණ්ඩාර