“කුමට විනිසුරන් කුමට අධිකරණ” ගීතය ගායනා කළ නන්දා මාලිනියට හෝ එම ගීතය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට නඩු නොදා තමන් ට තමන්ට පමණක් දෝෂාරෝපණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
“මගේ නඩුවට යොදා ගන්න වික්ටර් අයිවන් මහත්මයාගේ පොත තියෙනවා. නන්දා මාලනී ගේ සින්දුව තියෙනවා. නන්දා මාලනී මහත්මිය කියනවා කුමට විනිසුරන් කුමට අධිකරණ කියලා. එයාට නඩු දාලා නැහැ. මහාචාර්ය සුනිල් ආරියරත්න ලියලා තියෙන්නේ. ඒ කාටවත් නඩු දාන්නේ නැතිව රන්ජන් රාමනායකට බනිනවනෙ.. පුදුම වැඩක් ඒක. ප්‍රසන්න විතානගේ උසාවිය නිහඩයි කියලා සිනමාපටයක් පවා හැදුවා.”