රඛිත වික්‍රමරත්න යනු 2022දී වැඩිම ආදායම් ඉපයූ ඉන්දීය සිනමාපටයක් වන 'පොන්නීයින් සෙල්වන්' චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් දායකත්වය දැක්වූ අභිමානනීය ශ්‍රී ලාංකික කලාකරුවෙකි.
ඒ.ආර්. රහුමාන්ගේ මගපෙන්වීමට ලාංකේය බෙර වාදන හඬ චිත්‍රපටයේ සංගීතයට එක් කිරීමට කටයුතු කළ තැනැත්තා වේ.
චිත්‍රපටය ලෝක ප්‍රකට සිනමා අධ්‍යක්ෂ මනි රත්නම් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ අලුත්ම චිත්‍රපටයයි.
ඉන්දීය සිනමා නිර්මාණයක සංගීතයට ලාංකේය බෙර හඬින් දැක්වූ දායකත්වය හේතුවෙන් රඛිතට බෙහ්වින් පසුගිය කාලයේ ප්‍රශංසා හිමි විය.
එසේ සිය දක්ෂතා සඳහා සරිලන වේදිකාවක් ගොඩ නගා ගත් ඔහු පසුගිය මාසයේදී 'බෙරඛිත' ප්‍රසංගයද පැවැත්වීය.
"වටිනාකම දෙන්න බැරි නම් මාව ගන්න එපා!" රඛිත එසේ පවසන්නේ ජනප්‍රිය 'මතක පද' සංවාදයට එක් වෙමිනි.
"මගේ අම්මා තාත්තා හැම වෙලේම මාව 'ගයිඩ්' කළා. මම මගේ අතින් වෙන වැරැද්දක් දන්නේ නැති වුණත් මම පාර හදාගෙන ගියා. මේ පිටිපස්සේ 'ඉන්ඩස්ට්‍රි' එකක් හැදීගෙන ආවා. ගොඩක් අය මේ පිටිපස්සේ ඇවිල්ලා එතනින් නවතිනවා. ඉස්සර බෑන්ඩ් එකක 'පර්කශනිස්ට්' (බෙරකරුවන්) කෙනෙක් හිටියේ නෑ. දැන් වෛද්‍යවරයෙකුට වඩා වැටුපක් ගන්න අය ඉන්නවා. හැබැයි ඒ අය එතනින් නැවතුනා. ඒක මේ මොහොතෙත් වෙන දෙයක්. මාස කිහිපෙකින් එයාට රැකියාව තියෙනවා, ඒකට ඔවුන් යනවා. ඒක මගේද ඔවුන්ගේද වැරැද්ද කියලා මම දන්නේ නෑ." යනුවෙන් ඔහු එහිදී පවසයි.
ඒ.ආර්. රහුමාන් තමන් සමග වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ කරගැනීමේ උත්කර්ෂයද සමග තමන් දරන අදහස් ගණනාවක් රඛිත වැඩසටහන් පූරක ගැමුණු වන්නිනායක සමග පවසයි.