* මහා හොරකමක් සහ ජාවාරමක්....
දේශපාලන බලය සහ නිලධාරී බලය අල්ලාගෙන යහමින් කරගෙන යන අපේ රටේ බුද්ධිමය දේපල අවභාවිතාව සහ සයිබර් අවකාශයේ කෙරෙන මහා වංචා දූෂණ සිද්ධ වෙනවද ?
තවම අපේ රටේ පොදු ජනතාවට සංවේදී නොවුනත් මේක රටේ ජාතික ආර්ථිකයට පවා දැනෙන මහා ජාවාරමක්.
ඉතින් මෙන්න තවත් එක් උදාහරණයක්..
ඉතින් සහෘද හිතවතුනි මේ ලිපිය අවසානය තෙක් කියවන්න..
මේ මම සමනල සංධ්වනිය චිත්‍රපටයට නිර්මාණය කළ " ඉකිගසා හඬන, මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා " ගීතයයි.
මේ ගීතය රචනා කළේ අමිල තේනුවර.
ගීත තනු හා සංගීත නිර්මාණය මගේ.
නමුත් මුදල් හම්බ කරන ජාත්‍යන්තර Spotify සයිට් එකේ නිර්මාණකරුවන් හැටියට නම් දාලා තියෙන්නේ කේමදාස මාස්ටර්ගේ නම.
මෙතනින් මුදල් සෑහෙන ප්‍රමාණයක් කාලයක් තිස්සේ හම්බ කරගෙන තියෙනවා.
ඇත්තටම එයාලා මේ විදිහට නම වෙනස් කරලා දාන්නේ එතකොට ඒ හොරකම අල්ලන්න අපිට බැරි වෙන්න.
මොකද එතකොට ඒ නම් ඔස්සේ අපි යන්නේ නෑ. අපේ නම ගහලා අපි යන්නේ වෙන පාරවල්වල.
මේ වැඩේ යහමින් මේ මොහොතේත් කරගෙන යන අන්තර්ජාලයේ හොර කණ්ඩායම් දෙකක් තුනක් ලංකාවේ සිටිනවා.
ඇත්තටම අපේ රටේ සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි අදාළ නීති රීති ක්‍රියාත්මක කරන ආයතනවලට පවා මේ පිළිබඳව දැනුමක් තවම ලංකාවේ හරියට නැහැ.
ඉතින් මේ හොර කණ්ඩායම් මේ ගැනත් හොඳ හැටි අධ්‍යයනය කරලා තමයි මේ හොරකම් සහ අවභාවිතාවන් බය නැතුව කරන්නේ යහමින් ඩිස්ට්‍රිබියුට් ආයතනත් පවත්වාගෙන.
මාර වැඩේ කියන්නේ රජයේ බුද්ධිමය දේපළ සම්බන්ධ කලාකරුවන්ගේ සංගම්වලටත් අනියම් ආකාරයකින් සහ සෘජුව කලාකරුවන් විදිහට සම්බන්ධ වෙන්නත් මේගොල්ලෝ කලක සිටම සූක්ෂම වෙලා තිබෙනවා.
ඉතින් මේ බුද්ධිමය දේපළ ලෝක යාන්ත්‍රණය ලංකාවට ගේන එක වළක්වන්න දේශපාලනය බලය අරගෙන ඒ ඒ නිලධාරීන් සහ නිලධාරිනියන් එක්කෙනෙක් දෙන්නෙක් කාලයක් තිස්සේ වැඩ කරපු හැටිත් අපි අත්දැකීමෙන් දන්නවා. අන්න ඒ නිසා මේ හොර ජාලය ඒ හැමෝම එක්ක කාලයක් තිස්සේ එකට එකක් සම්බන්ධයි.
ඉදිරියේදී තවත් කරුණු සියල්ල හෙළි කරන්නම්.
නව රජය මේ අය ගැන සහ මේවාට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
අපි ඒ සඳහා අදාළ සියලුම ආයතන වලට ඉදිරියේදී පැමිණිලි කරන්න කරුණු සකසමින් සිටිනවා.
අනාගතයේ බිහිවෙන නිර්මාණශීලී දරුවන්ගේ අනාගතය සමූල ඝාතනය කරන්න මේ කණ්ඩායම් සුපුරුදු බලය හිමි අයත් එක්ක කාලයක් තිස්සේ ඩීල් දාගෙන තිබෙනවා.
තව කරුණු ඉස්සරහට හෙළි කරමි.
- DRD
සංගීතඥ දර්ශන රුවන් දිසානායක සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනක් සංශෝධනයකින් තොරව පළ කරන ලදී.