පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණයට නතුවූ යොවුන් ශිල්පීන් දෙපොලක් වන ලවන් අභිෂේක් සමගින් සචින්තනී කෞෂල්‍යා සිනමාවට හඳුන්වා දෙන "සුපෙම් සුළඟක්" නවතම සිනමා නිර්මාණයේ රූපගත කිරීම් පසුගියදා ආරම්භ විය.
ඔවුන් දෙදෙනා සමගින් ජනප්‍රිය යොවුන් නිලි නෙත්මි රොෂෙල් එක්ව මවන සංවේදී ත්‍රිකෝණගත ප්‍රේම වෘත්තාන්තයක් "සුපෙම් සුළඟක්" සඳහා පාදකව ඇත
මෙය, "විසංගමනය" තිරයට රැගෙන ආ රන්ජන් ප්‍රසන්නගේ දෙවන සිනමා නිර්මාණයයි.ප්‍රවීණ සිනමා නිර්මාණවේදී සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ප්‍රියනාත් විදානපතිරණ එක්ව විරචිත මෙම තිරපිටපත මෙතෙක් සිනමා කෘතියකට හසුනොවූ මාතෘකාවක් මත නිර්මාණය වී ඇත.
සුපෙම් සුළඟේ පාව යන්නට ලවන් , නෙත්මි සහ සචින්තනීගේ සහයට සනත් ගුණතිලක , ශ්‍රියන්ත මෙන්ඩිස් , සේමිණී ඉද්දමල්ගොඩ , දුලානි අනුරාධා ඇතුළු ප්‍රවීණයෝ රැසක්ම එක්වී සිටිති.
තිරය පිටුපස සිට කැමරාකරණයෙන් ස්ට්රයින ඇඩම්ස්, සංස්කරණයෙන් ශාන් අල්විස් , සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න විජේසිංහ , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , අංග රචනයෙන් බුවනෙක රණවක , සංගීත අධ්‍යක්ෂණයෙන් කෙෂාන් පෙරේරා, ශබ්ද පරිපාලනයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවආරච්චි ද , රේඛීය නිෂ්පාදනයෙන් දමින්ද ඩි. මඩවල සහ විධායක නිෂ්පාදනයෙන් තුසිත් රුවින් බණ්ඩාර එක්වන "සුපෙම් සුළඟක්" සඳුන් දොලමුල්ලගේ දෙවන සිනමා නිෂ්පාදනයයි .
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු