"සැතපුම් දස දහස් ගණනක ඇරඹුම, එක් පියවරක්ය" යන ලා ඕසූ නැමැති දාර්ශනිකයාගේ කියමන පාඨක කරගනිමින් මෙම ලිපියේ දිග හැරුම, කළාවේ වුවත් ආරම්භය වන, දෙයක් අත්හදා බැලීමට තිබෙන ඇතුළාන්තයෙන් දැනෙන අශාවයි. එය බොහෝ සෙයින් පුද්ගලයකුගේ ඇතුළාන්තය අවදි කරන්නා වූ හැඟීමකි. ජිවිතයකට ජීවත් වෙන්න, ජීවය දෙන්නා වූ හැඟීමකි. එනම් නිරූපණ කළාවේ ආරම්භය, ඒ කියන්නා වූ ඇතුළාන්තයෙන් දැනෙන අශාවයි.
නිරූපණය ජිවිකාව ලෙස ඇතැමුන් තෝරාගැනීම් කරනුයේ විවිධාකාර හේතු පදනම් කරගෙනය, එනම් ධනය, කීර්තිය, පැසසුම, ගරු සැළකිළි, ඇතුළාන්තයෙන් දැනෙන අශාව නැත්නම් මේ කී නොකී සියලු කාරණා එකහාසු වී එකී පුද්ගලයන්,ඔවුන්ගේ සිතින් ඇරඹුණ ගමනාන්තය දිගේ පියවරින් පියවර තබද්දී, තවෙක් තම අසාව පසෙකට ලා සාමාජ මතිමතාන්තර , පවුල් පසුබිමෙන් වූ අභියෝග හා බාධා හමුවේ නිහඩව සිටින්නට කටයුතු කරයි.
කෙසේ හෝ ඇතුළාන්තයෙන් දැනෙන අශාවෙන් නිරූපණය , ජිවිකාව කරගත්ත ඇතමෙක්ගේ අදහස එය බොහෝ සෙයින් අභියෝග හමුවේ දිව යන්නක් බවයි. ගමනාන්තයේ තිබෙන ගැරහුම් , බධා හා බැදුනු තරගකාරීත්වය පසෙකළා මෙම විවරණය සාම්ප්‍රධායික නිරූපණ ක්ෂේත්රයෙන් ඔබ්බට ගිය නිදාසිටි ඇතුළාන්තයක් අවදි කිරීමට ගත් උත්සාහයකි . සමාජ සත්කාර සදහා නිරූපණකරුවන්ගේ දායකත්වය සැළකිය යුතු ප්‍රමාණයෙන් ඉහළ යාම, එයට කදිම නිදසුනක් වන අතර ඇලෙක්ස් මින්ස්කි (Alex Minsky) නැමැති සුප්‍රකට නිරූපකයාව, මෙම ලිපියහි කථා වස්තුව ලෙස පාඨක කරගන්නේ ජීවිතයට මුහුණ දීමට පැකිළෙන , අභියෝග හමුවේ ජිවිතයෙන් පළා යාමට උත්සාහ ගන්නා පිරිසට ,ඇලෙක්ස් මින්ස්කිගේ ජීවිතයෙන් ගත හැකි යමක් තිබෙන නිසාය.
මයිකල් සිටොක්ස්ගේ "සැමදා දේශප්‍රේමී" ජායාරූප එකතුවෙන් ,පළමුවන ඡයාරූපයට පෙනීසිටි ඇලෙක්ස් මින්ස්කි නිරූපණ කළාවට අලුතින් එකතුවුනු ඇමරිකානු යුද සෙබළකි.
අවුරුදු 17 දී පාසල් ජීවිතයෙන් බැහැරව තම ගීටාරය ජීවීතයේ කොටසක් කරගෙන එයින් වැයෙන තනුව තම ජීවිතයේ රිද්මය ලෙස ජීවීතය විදපු ඒ තරුණයා, අදහා ගත හැකි නොහැකි තරමේ විස්ම ජනක රණශූරයෙක් ලෙස ඉතිහාසගත වුවත් , අවාසනාවන්ත ලෙස ඔහුගේ දකුණු පාදය ඇෆ්ගනිස්ථානයේ වූ යුද්දයකදී අහිමි වෙයි. එපමණක් නොව ,බෝම්බ අනතුරෙන් දකුණු අත සුනුවිසුනු වී ,හිස්කබළට සිදුවූ හානි හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක පසුවන්නට සිදු විය.
දවස් හතලිස් හතකට ආසන්න කෝමා තත්වයකින් හා පර්යේෂණ දහතුනක් නිමකර පියවි ලෝකයට ආ ඔහුට දැනගැනීමට ලැබුනේ ,ඔහු ඇලුම් කළ කිසිදු දෙයක් ඔහුට නැවත කීරීමට තරම් වාසනාවක් නොමැති බවයි. අවුරුදු එක හමාරකට පසුව රෝහලෙන් සුවය ලබා පැමිණි ඔහුට දැණුනු කම්පනය ,පීඩාව එන්න එන්නම වැඩිවිය . එය විටෙක මත්පැන් පානයෙන් මග හැරීමට කටයුතු කළද, නැතිවූ කිසිදෙයක් යලි ලබා ගත නොහැකි බව කාළයේ අවෑමෙන් තේරුම් ගත්තේ ඔහු කායික වර්ධන ස්ථානයක පුහුණුවීම් ආරම්භ කළ දින පටන්ය.
අවුරුදු දෙකක් නොකඩවා මත්පැනට ලොල් වූ ඔහු , දිනකට දෙවරක් බැගින් සතියකට දින හයක් කාය වර්ධනයේ නියැලුනේය. එසේ ලොස් ඇන්ජලීස් වල කාය වර්ධන ස්ථානයේ පුහුණුව ලබද්දී, ඔහුට අපූරූ ඡයාරූප ශිල්පියකු වන ටොම් කූලිස්ව ( Tom Cullis ) අහඹු ලෙස මුණගැසුනේය.
ඡයාරූප ශිල්පියකු වන ටොම් කූලිස්ගේ( Tom Cullis ) අහඹු හමුවීමෙන් ඇලෙක්ස් මින්ස්කිගේ ජිවීතය, ලොව සියලුදෙනා පුදුම කරවමින් වෙනස්වන සන්ධිස්ථානයක් බවට පත්වන්නේ නිරූපණ කළාවට ලැබෙන ඇරයුමත් සමගය. එම හමුවීම ඔහුගේ ජීවිතය නව පෙරළියක් කරමින් බලාපොරොත්තුව, උත්සාහය හා කැපවීම ජීවිතයේ ඉදිරියට ඇති පසුබිම ලෙස ගෙන ඔහු නිරූපණ කළාවට පිවිස , 2015 වසරේදී , මේ ලිපියේ ඉහතින් සදහන් වූ "සැමදා දේශප්‍රේමී" (Always Loyal) යන මයිකල් සිටොක්ස් ( Michael Stokes ) විසින් පළ කරපු ඡායාරූප එකතුව ඔස්සේ ලෝව සලිත කරමින් නැවතත් ඔහු නිරූපණ කළාවට ඉදිරිපත් කීරීම් වලින් දායක වී ,නීරූපණය තම ජීවීතයේ , ජීවන භුමිකාව ලෙස තෝරා ගනී.
අතක් පයක් නැතුව නීරූපණයට ඉදිරිපත් වීමක් ගැන ඔබටත් මටත් සිතා ගත නොහැකි වුවද, බොහෝ සෙයින් රූපයට වඩා විවෘත අදහස් වලට ඉඩක් ඇති නිරූපණ පසුබිමක දැක ගත හැකි වුයේ , තවත් නිරූපණකරුවකුට නොදෙවෙනි කායික වර්ධනයෙන් විශිෂ්ඨ ලෙස කැපී පෙනෙන ඔහුගේ කැපවීමයි. ඇතුළාන්තයේ අශාවට පමණක් සවන්දීම ප්‍රමාණවත් නොවන බවත් එයට ඔහුගේ අප්‍රමාණව වෙහෙසීමෙන් ලබන උත්සාහයේ ජයත්, සතුට බෙදා ගෙන ජීවිතයේ ඉතිරි මග සුභවාදීව ගෙවීමට ඇති බලාපොරොත්තුවත් ඉවහල්වන බව මෙම කථා පුවතෙන් විග්රහ වනු ඇත.
ජිවීතයේ වීදීමත් තෝරා ගැනීමක් ලෙස සිය අත්දැකීම් ලෝකයට හෙළිදරව් කරපු ඇලෙක්ස් මින්ස්කිගේ ජීවිත කථාව, ජීවීත අභියෝග හමුවේ සැලෙන කෙනෙකුට ආදර්ශයක් වනවා වාගේම , නව මුහුණුවරකින් නිරූපණ කළාව දැකීමට, කැමැත්තක් දක්වන කෙනෙක්ට ඇස ගැටෙන කාරණයක් විය හැකිය.
සටහන:දෙනුෂා රණසිංහ
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/featured/3707-alex-minsky-pic#sigProIdf3fc06a1ef