lan englan tam

විශේෂාංග

කේන්තිකාර වෛද්‍ය සිසුවකුගේ ඉරණම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

ශහීඩ් කපූර්ගේ රංගන ජීවිතයේ පසුගිය වසර කිහිපයේදී Rangoon, Udta Punjab, Haider වැනි චිත්‍රපටවල රඟපෑම් කැපී පෙනුණි. පසුගිය වසරේදී maavat, Welcome to New York, Batti Gul Meter Chalu චිත්‍රපටවලින් පසු මේ වසරේදී ඔහු රංගනයෙන් දායක වූ Kabir Sing  චිත්‍රපටය මේ දිනවල ලොවපුරා තිරගත වේ.

කබීර් රජ්ධීර් සිං යනු ශාන්ත මේරි විද්‍යාලයේ අති දක්ෂ වෛද්‍ය සිසුවෙකි. නමුත් ඔහු දැඩි ලෙස කෝපයට පත්වන්නෙකි. කේන්තිය සම්බන්ධයෙන් ඔහු වෛද්‍ය විද්‍යාලයේ ජනප්‍රියත්වයක් උසුලන අතර එහි කුලපති සමඟ පවා ගැටුම් ඇතිකර ගත් අයෙකු වේ. පාපන්දු තරගයක් අතරතුර ඇතිවන ගැටුමකින් පසු කුලපතිතුමා ඔහුට දන්වා සිටින්නේ අනෙක් පාර්ශවයෙන් සමාව ගන්නා ලෙස හෝ නොඑසේ නම් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී යන ලෙසයි. කබීර් ගත් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී යාමේ තීරණය වෙනස් වන්නේ පළමු වසර අහිංසක සිසුවියක වන ප්‍රීති ශර්මා හමුවීමෙනි. වෛද්‍ය උපාධියෙන් පසු කබීර්හට විකලාංග ශල්‍යවෛද්‍ය උපාධිය වෙනුවෙන් වෙනත් පළාතකට යාමට සිදුවේ. ඒ වෙනුවෙන් ගත වූ වසර තුන තුළ කබීර් සහ ප්‍රීතිගේ සබඳතාව තවත් ශක්තිමත් වේ. කබීර් දක්ෂ විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු වුවද මෙම සබඳකමට ප්‍රීතිගේ පියාගේ විරෝධය එල්ල වන්නේ කුලභේදය ද පෙරදැරිකර ගනිමිනි. මෙම ගැටලු හමුවේ කබීර් විසින් අවසන් තීරණය ගැනීම ප්‍රීති වෙත පවරන්නේ ඒ වෙනුවෙන් ඇයට පැය හයක කාලයක් ලබා දෙමිනි. අනතුරුව කබීර්ගේ සහ ප්‍රීතිගේ ආදර කතාවට කුමක් සිදුවේද? කබීර්ගේ වෛද්‍ය වෘත්තියේ අනාගතයට කුමක් සිදුවේද? Kabir Sing  චිත්‍රපටයේ අවසානය පවසන්නේ එයයි.

Kabir Sing නිර්මාණය කර තිබෙන්නේ 2017 වසරේදී ආදායම් වාර්තා තබමින් තිරගත කෙරුණු Arjun Reddy  තෙලිඟු චිත්‍රපටය ඇසුරිනි. විජේ දෙව්රකොන්දා සහ ශාලිනි පාණ්ඩේ විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ එහි ආදායම ඉන්දීය රුපියල් මිලියන 510ක් විය. ඉන්දීය රුපියල් මිලියන 51ක පිරිවැයකින් නිෂ්පාදනය කළ Arjun Reddy  චිත්‍රපටය සන්දීප් රෙඩ්ඩි වංගාගේ කුලුඳුල් සිනමා නිර්මාණය යි. 37 හැවිරිදි සන්දීප් සිනමාවට පිවිසියේ ධර්වාද්හි එස්ඩීඑම් විද්‍යාලයෙන් භෞතචිකිත්සක උපාධිය ලැබීමෙන් අනතුරුවය. සන්දීප් සිය කුලුඳුල් සිනමා නිර්මාණය නම්කර තිබෙන්නේ පුතුගේ නමිනි ඔහුගේ එකම පුතුගේ නම ද අර්ජුන් රෙඩ්ඩිය. එහි තිරරචනය ද සංදීප්ගේය. මේ අනුව එය ලියවී තිබෙන්නේ ඔහුගේ ජීවිත කතාව අනුවදැයි යන සිතුවිල්ල කෙනෙකුට ඇතිවිය හැකිය.

Kabir Sing චිත්‍රපටය Arjun Reddy චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වුවද Kabir Sing චිත්‍රපටයේ ප්‍රධාන නළු ශහීඩ් කපූර් පවසන්නේ මෙම චිත්‍රපටය මුල් චිත්‍රපටයේ කොපියක් නොවන බවයි. කබීර් සිං යනු අධික ලෙස දුම්වැටි සහ මත්පැන් පානයට ඇබ්බැහි වූ තරුණයකු වන බැවින් මෙම සිනමා නිර්මාණයේ රංගනය පුරාවට දිනකට දුම්වැටි අධික සංඛ්‍යාවක් පානය කිරීමට සිදුවූ බවත් ඔහු වරෙක පවසා තිබුණි. මෙහි ප්‍රීති ලෙසින් ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන විසිහය හැවිරිදි කියාරා අද්වානි මීට පෙර  Fugly, M.S. Dhoni: The Untold Story  වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබේ. මේ වසරේදී තිරගත කිරීමට නියමිත  Adithya Varma දෙමළ චිත්‍රපටය ද Arjun Reddy  චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන අතර එහි ආදිත්‍ය ලෙසින් ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය කොලිවුඩ් නළු වික්‍රම්ගේ පුතු දෘව් වික්‍රම් විසිනි.

යතේජා ඥානරත්න

සරසවිය

 

Back to top
Go to bottom

Popular News