lan englan tam

පුවත්

බයිබලානුකූල නැතැයි කියා MARYට විරෝධය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මරියතුමිය යනු ජේසුස් ක්‍රිස්තුස්ගේ මවය. ඇයගේ චරිතය පාදක කොටගෙන සෑම නත්තලකම මෙන්ම ඇගේ විශේෂත්වයන් ඇති දිනවලදීද ලොව පුරා විවිධ නිර්මාණ බිහි වන අතර මෙවර නත්තල් මාසයේදී අලුතෙන්ම එළිදැක්වීමට නියමිත නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය MARY වන්නේ ය.

මරියාවන්ගේ ජීවිතය තුළ සිදු වූ හැලහැප්පීම් සියල්ල මැදින් උපන්නේ සිය පුතණුවන් වන ජේසුස් හෙවත් මෙසායා පමණක් නොවේ. නොසිඳෙන ධෛර්යය, නොසැලෙන හදවත පිළිබඳව සමස්ත කාන්තාවටම දෙන ආදර්ශ ගණනාවක් ඇය ඇසුරේ තිබෙන නමුත්, MARY චිත්‍රපටයට එහි පළමු ප්‍රචාරක පටය එළිදැක්වූ දින සිට විරෝධතා එල්ල වෙමින් පවතී.
චිත්‍රපටයේ මරියාගේ චරිතය බයිබලානුකූලව ගොඩ නගා නැතැයි යන චෝදනාව එල්ල කරමින් මෙම විරෝධය ආරම්භ වී ඇති අතර එම ප්‍රචාරය ශ්‍රී ලංකාවේ කතෝලික සමූහ කෙරෙහිද ව්‍යාප්ත වී තිබේ.
කෙසේනුම්ත්, එළඹෙන දෙසැම්බරයේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපටය සම්පූර්ණයෙන් නරඹන තුරු මේ පිළිබඳව කිසිවක් කීමේ හැකියාවක් නොමැත.
ජේසුස් වහන්සේට උපත ලබා දීමට මරියා සහ ඔහුගේ සහකරු ජෝසප් දරන උත්සාහය සහ ඔවුන් මුහුණ දෙන කටුක සිදුවීම් චිත්‍රපටයේ අන්තර්ගත වන අතර ජනප්‍රිය නිළි නෝවා කොහේන් මරියාගේ චරිතයට පණ පොවන්නීය. ඇන්තනි හොප්කින්ස් ජෝසප්ගේ චරිතයට පණ පොවන අතර නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනයක් ලෙස චිත්‍රපටය දෙසැම්බර් 06 වැනිදා එළි දැකීමට නියමිතය.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නෙට්ෆ්ලික්ස් සමාගම විසින් පළ කරනු ලැබ තිබිණි.

 

Back to top
Go to bottom

Popular News