මලයාලම් නව රැල්ලේ ආරම්භක රසිකයන්ගේ හද බැඳගත් ප්‍රියතම නිළියන් දෙදෙනා වූයේ පාර්වතී තිරුවෝතු සහ නිත්‍යා මෙනෙන් බව අවිවාදාත්මකය
පාර්වතී කේරළයේම උපන් මලයාලි නිළියක් සහ නිත්‍යා කර්ණාටකයේ උපන් මලයාලි නිළියක් වන අතර මුල් අවධියේදි පාර්වතී ව හැඳින්වූයේත් පාර්වතී මෙනන් නමින්මය.
පසුකාලීනව ,පාර්වතී විසින් තම වාසගම මෙනන් නොව තිරුවෝතු බවත්, සම්මුඛ සාකච්ඡාවකදී පූරකයා විසින් සිදු වූ අතපසුවීමක් හේතුවෙන් වැරදි නමක් සමාජගත වූ බවත් ප්‍රකාශ කර සිටින ලදී.
පාර්වතී සහ නිත්‍යා දෙදෙනාම , අංජලී මෙනන් ගේ Bangalore Days චිත්‍රපටයේ රඟපෑ මුත් ඔවුන් දෙදෙනාගේ චරිතයන් විකාශනය වූයේ ටයිම්ලයින් දෙකක බැවින් එක්ව තිරය බෙදාගැනීමක් සිදු වූයේ නැත.
ඔවුන් ප්‍රථම වරට එක්ව රංගනය යෙදුනේ බැංගලෝර් ඩේස් තිරගත වීමෙන් වසර අටකට පසුව එනම් 2022දී OTT ඔස්සේ නිකුත් වූ Wonder Women චිත්රපටයේදීය.
එදා වෙන වෙනම අංජලී මෙනන් අතින් අධ්‍යක්ෂණය වූ නිත්‍යා සහ පාර්වතී මෙදා අංජලීගේම අධ්‍යක්ෂණය යටතේ අපූරු රංගන සංයෝගයක් තිරය මත එක්ව සිත්තම් කර තිබිණි.
Wonder Women යනු පැයකුත් මිනිත්තු පහළොවක් වැයකර ශ්‍රී ලංකාවේ මාතෘ සායනයන්හිදී ගැබිණි මව්වරුන් වෙනුවෙනුත් ප්‍රදර්ශනය කිරීමට තරම් වටිනා චිත්‍රපටයකි.
(සේයාරුව : Wonder Women නිකුත්කිරීමට සමගාමීව පැවැත්වූ යූටියුබ් කතාබහකදී එකනෙකා කෙරෙහි ලබැඳියාවෙන් පසුවන පාර්වතී සහ නිත්‍යා)
නිරෝෂ් ගුණසේකර