lan englan tam

විශේෂාංග

සියලු වාර්තා අලුත් කරමින් ෂාරුක් යළි සිංහනාරූඪ වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ෂාරුක් ඛාන් හැටියට තමන් තැබූ සිනමා වාර්තා සියල්ල බිඳ හෙළමින් 'ජවාන්' චිත්‍රපටය රඟපෑ ෂාරුක් ඛාන් සිය රඟපෑම්වලින් 2023 වසරේදී ඉන්දීය රුපියල් කෝටි 1000ක් උපයා තිබේ. ඒ හින්දි සිනමා ඉතිහාසයේ මේ දක්වා තමන් ඇතුළු බොහෝ නළුවන් තැබූ වාර්තා ගණනාවක් යළි බිඳ දමමිනි. එමගින් මේ වන විට ෂාරුක් විසින් නව වාර්තා ගණනක් පිහිටුවනු ලබමින් ඇති අතර එහෙයින්ම ඔහු ඉන්දීය සිනමා ඉතිහාසය අලුතින් ලිවීමට සමත් වී තිබේ.


'ජවාන්' බොක්ස් ඔෆිස් තිරගත වීමෙන් පසුව මේ වන විට ඉන්දියානු සිනමා රසිකයන් කෝටි 6.75කට වැඩි සංඛ්‍යාවක් රිදී තිරයේ ෂාරුක් ඛාන් නැරඹීමට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 'සාරේ රෙකෝඩ්ස් කතම්' යනුවෙන් මෙය ඉන්දීය මාධ්‍ය විසින් පෙන්වා දෙනු ලබන අතර ජවාන් චිත්‍රපටය මේ වන විට ඓතිහාසික වාර්තාගත ජයග්‍රහණ ගණනාවක්ද වාර්තා කර ඇති බව පෙනෙන්නට තිබේ.
මේ වසරේ ජනවාරියේදී 'පතාන්' චිත්‍රපටය එළිදැක්වීමත් සමඟ සියලු වාර්තා අලුත් කළ ෂාරුක් ඛාන් එහිදීද තමන් තවමත් බොලිවුඩයේ සුපිරි තරුවක් බව සනාථ කළ අතර එහිදී දෙමළ සහ තෙළිඟු රසිකයින්ද ඇතුළුව කෝටි 3.20කට අධික ඉන්දියානුවන් ෂාරුක් නැරඹූයේ වර්තමානයේදී ඉන්දියාවේ වැඩියෙන්ම නැරඹූ නළුවා බවට පත් කරමිනි. ඉනික්බිති මාස 9කට පසුව ඇට්ලී කුමාර් අධ්‍යක්ෂණය කළ ජවාන් සමඟින්ද ෂාරුක් යළි තම සිංහාසනයේ අසුන්ගෙන තිබේ. මේ වන විට හින්දි භාෂාවෙන් මෙන්ම දෙමළ සහ තෙළිඟු නිර්මාණ කෙරෙන්ද ජවාන් ඉතා ඉහළ ඉපයීමක් කරමින් සිටින අතර අඩ සියවසකට පසුව ඉහළම ආදායම් ලැබූ හඬ කැවූ තිර පිටපතක් හැටියටද ජවාන් වාර්තා අතරට නම් වීමට නියමිතය. ෂාරුක්ගේ නමින් චිත්‍රපටවල හින්දි ප්‍රදර්ශන පමණක් රුපියල් කෝටි 935ක් උපයා තිබෙන අතර දෙමළ සහ තෙළිඟු භාෂා තිරගතවීම් සඳහා තවත් රුපියල් කෝටි 65ක ආදායමක් එකතු වීමෙන් ෂාරුක්ගේ ඉන්දීය ශුද්ධ ආදායම මේ වන විට රුපියල් කෝටි 1000 දක්වා ඉහළ ගොස් ඇත. ජවාන් තිරගතවීම අවසන් වන විට ෂාරුක්ගේ නමින් රුපියල් කෝටි 1,140ක පමණ ශුද්ධ ඉපැයීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව බොක්ස්ඔෆිස් ආධිපත්‍යය දරන තරුවකගේ අසමසම බව පෙන්වන අවස්ථාවක් බවටද ජවාන් පත් වී තිබේ. එහි අඩිතාලම වැටුනේ පතාන් හරහාය.

සමස්ත ඉන්දියාවේම හින්දි සිනමා තරුවක් ආදායම් කෙරෙන් ඉහළින්ම වැජඹෙන වසර අනුපිළිවෙළින් පහතින් දැක්වේ.

ෂාරුක් ඛාන් (2023) : රුපියල් කෝටි 1000 ඉක්මවා තවමත් ගණනය වෙමින් පවතී (පතාන් සහ ජවාන්)

අක්ෂේ කුමාර් (2019) : රුපියල් කෝටි 744 (කේසරි, මිෂන් මංගල්, හවුස්ෆුල් 4 සහ ගුඩ් නිව්ස්)

රන්වීර් සිං (2018 ) : රුපියල් කෝටි 534 (පද්මාවත් සහ සිම්බා)

සල්මන් ඛාන් (2015) : රුපියල් කෝටි 512 (බජ්රංගි භයිජාන් සහ ප්‍රේම් රතන් ධන් පායෝ)

ශිවන්ති ප්‍රනාන්දු
මූලාශ්‍ර : පින්ක්විලා

https://www.pinkvilla.com/entertainment/box-office/srk-saare-records-khatam-as-shah-rukh-khan-creates-history-with-1000-crore-in-2023-dunki-is-still-to-release-1243923

Back to top
Go to bottom

Popular News