lan englan tam

දිව නැටවෙන ෆලූඩා

تقييم المستخدم: 1 / 5

تفعيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගිනියම් කාලයට විතරක් නෙවෙයි ඕනෑම අවස්ථාවක ලොකු කුඩා හැමෝම පානය කරන්න කැමති දෙයක් තමයි ෆලූඩා.

දකුණු ආසියාවේ ජනප්‍රිය පානයක් වන ෆලූඩා ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන් විදියක් තමයි මේ,

ෆලූඩා සාදා ගන්නා අයුරු (එක් අයෙකුට සරිලන ප්‍රමාණය)

අවශ්‍ය ද්‍රව්‍ය :

රෝස් සිරප් මේස හැඳි 2ක් හෝ 3ක් (රස පදමට)

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 ක්

පොඩියට කපා ගත් රතු පාට ජෙලි කැබලි

කස කසා ඇට ස්වල්පයක්

වර්මිසිලි ටිකක් (නුඩ්ල්ස් වර්ගයක්)

වැනිලා අයිස් ක්‍රීම්

පළමුව කස කසා ඇට 15ක් පමණ හොදින් සෝදා ගෙන එයට තවත් වතුර ස්වල්පයක් දමා පෙගෙන්න තියන්න. වර්මිසිලි ස්වල්පයක් නටන උණුවතුරේ විනාඩියක් පමණ තම්බා ගෙන එය ඇල් වතුරින් සෝදා පසෙකින් තියා ගන්න. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයට රෝස් සිරප් මේස හැඳි 2ක් හෝ 3ක් දමා හොඳින් දිය කරගන්න. වැනිලා අයිස් ක්‍රීම් මේස හැඳි දෙකක් පමණ දිය කර ඊට එකතු කරගත් විට රස වැඩි වේ. පැණි රස මදි නම් වැඩිපුර සීනි තේ හැන්දක් පමණ එකතු කරගන්න පුළුවන්. දැන් වීදුරුවක් ගෙන එහි අඩියට ජෙලි කැබලි කිහිපයක් දමා ඊට උඩින් වර්මිසිලි හා පොගවාගත් කස කසා ඇට ස්වල්පයක් දමාගන්න. එයටම රෝස් සිරප් මිශ්‍ර කරගත් ෆ්‍රෙෂ් මිල්ක් දමා ඊට උඩින් ද කස කසා ඇට දමාගන්න. අවසානයේ වැනිලා අයිස් ක්‍රීම් උඩින් එකතු කරගෙන ජෙලි කැබලි කිහිපයක් දමා සරසා ගන්න.

රෝස් සිරප් සාදා ගැනීමට

සුදු සීනි කෝප්ප 1

වතුර කෝප්ප ½

රෝස රසකාරක තේ හැඳි 1

රෝස වර්ණක බින්දු කිහිපයක්

පළමුව සීනි හා වතුර එකට මිශ්‍ර කර මද ගින්නේ හොඳින් උණු කරගන්න. එම මිශ්‍රණය නූලක් ලෙස ඇදෙන පදමට පැමිණි පසු රෝස වර්ණක එකතු කරගන්න. ඉන්පසු මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිමෙන්නට තබන්න. එය මද රස්නයට පැමිණි පසු රෝස රසකාරක එකතු කරන්න. මෙම රෝස් සිරප් එක හොඳින් පිරිසිදු කර වියළා ගත් බෝතලයකට අසුරා ශීතකරණයේ තබා භාවිතයට ගත හැකිය.

 

Back to top
Go to bottom

Popular News