lan englan tam

නම අැසුසැනින් දිව පිනා යන කොත්තු

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"කොත්තු" නම කියපු ගමන් බොහෝ අයගේ කටට කෙළ ඉනෙන්නේ නොදැනුවත්වමයි.බොහෝ විට හවසට හෝ රාත්‍රියට ගන්නා මෙම ආහාරය අද වන විට හෝටල් වලට නැතුවම බැරි වී ඇත්තේ පාරිභෝගිකයන්ගේ අධික ඉල්ලුම හේතුවෙනි.


නමුදු කොත්තු ආහාරයට ගෙන බඩේ රුදාවක් සෑදී නැති අයෙකු සිටීනම්, ඒ ඉතා අහම්බයෙනි.බොහෝ අය කොත්තු ආහාරයට ගැනීමෙන් එක් වරක් හෝ ඍණාත්මක අතුරු ප්‍රතිඵල අත් විඳ ඇත.

එහෙත්, ලංකාවේ මිනිසුන් හරි අමුතු ජාතියකි.කොතරම් දරුණු අතුරු ප්‍රතිඵල අත්වින්ඳත්, තම ‍රස දිව පිනවීම ඔවුන් මූලික කරගනී.

ඔබ ඇතැම්විට හෝටල් වල පරිපාලනය සිදුවන්නේ කෙසේද යන්න නොදන්නවා විය හැකිය.විශේෂයෙන්ම පිටි සහිත ආහාර නිපදවන හෝටල් වල ප්‍රමිතිය අතිශය පරිහානියට ලක්වී ඇත.

බොහෝ හෝටල් වල ඉතිරි වූ පරාට හෝ ජලය කවලම් කල පාන්පිටි දින තුන හතරක් ශීතකරණයේ තබා, පාරිභෝගිකයන් ඉල්ලූ විට රත් කර, ලබාදීමට හෝටල් හිමිකරුවන් ඇබ්බැහි වී ඇත.විශේෂයෙන්ම සකස් කල එළවළු හා වෙනත් අඩංගු කරන දෑ මෙලෙස නුසුදුසු ලෙස කල්තබාගෙන පාරිභෝගිකයාට අලෙවි කිරීමෙන්, කොතරම්නම් භයානක ප්‍රතිඵල වලට ගොදුරු විය හැකිද?

එසේම බොහෝ ස්ථාන වල, කොත්තු සකසන පුද්ගලයාගේ පිරිසිදුබව පිළිබඳ ඇත්තේ කලකිරීමකි.. එහෙත් ඔහු දෙස බල බල කොත්තු ඕඩර් කරන පුද්ගලයින් දුටු විට පාරිභෝගිකයා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි.

තවද බොහෝ විට හෝටලයේ කොත්තු සකසන ලෑල්ල තිබෙන්නේ හෝටලයෙන් පිටයි.එය රෑට හෝටලය තුලට නොගන්නා අතර, අයාලේ යන බල්ලන් පූසන් එහි රැඳී ඇති සකස් කල ආහාර කොටස් ආහාරයට ගන්නා අතර, ඇතැම් සුනඛයන්ගේ වාසස්ථානයද කර ගනී.

පසුවදා, සුපුරුදු ක්‍රියාවලිය ආරම්භ කරන කොත්තු සකසන්නා, කොත්තු සමඟ බලු ලෝමද නොමිලයේම පාරිභෝගිකයාට ලබා දෙයි.

ඉතින් ඔබට කොත්තු ආහාරය අඩු කල හැකිනම් එය වටිනවා.ඒ වගේම කොත්තු ආහාරයට ගැනීම නැවැත්වීමට හැකිනම් එය ගොඩක් අගය කරනවා.

ආනයනය කරන,පිටි වලින් සකසන ලද, ශරීරයටද කිසි ප්‍රයෝජනයක් නැති එවන් ආහාර මුළු රටින්ම තුරන් වනවානම් එය මුළු මහත් සමාජයේම වාසනාවකි.

සුනිඳු ශිරන්ත

Back to top
Go to bottom

Popular News