lan englan tam

තාරුණ්‍යයේ සංගීත අභිප්‍රේරණය Solo Town

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
චතුරංගන ද සිල්වා සහ හේමාල් වික්රමාරච්චි අධ්යක්ෂණය කළ චතුරංගන ද සිල්වා සංගීත අධ්යක්ෂණය කළ Solo Town චිත්රපටය සංගීත කණ්ඩායමක සිටින තරුණ පිරිසක් වටා ගෙතුණු අපූරු චිත්රපටය ක්.
මීට පෙර මා සංගීත කණ්ඩායම ක් පසුබිම් කරගත් දේශීය චිත්රපටයක් ලෙස නැරඹුවේ සේන සමරසිංහ අධ්යක්ෂණය කළ මල් කැකුළු චිත්රපටය යි.එහි ප්රධාන චරිතය නිරූපණය කළේ ගාමිණී ෆොන්සේකා යි.සංගීත කණ්ඩායම ක් පවත්වාගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග මල් කැකුළු චිත්රපටයේ මැනවින් සාකච්ඡා කෙරුණු අතර අදටත් අතිශය ජනප්රිය ගීත රැසක් එහි අන්තර් ගත වුණා.
සෝලෝ ටවුන් චිත්රපටයේ දී නූතන තාරුණ්යය මුහුණ දෙන අභියෝග පිළිබඳව හා එකට සිටියත් එකිනෙකා අතර පවතින වෙනස් අපේක්ෂාවන් පිළිබඳව මෙහිදී විවරණය කෙරේ.එසේම සෝලෝ ටවුන් නායකයා ට අමෙරිකාවේ ඩවුන් ටවුන් ලේබලයෙන් ලැබෙන ඇරයුම නිසා ඇතිවන මානසික චංචල භාවය නිසා කණ්ඩායම ට අත්වන ඉරණම මෙන්ම මත්පැන් වලට හා ක්ලබින් වලට අසීමාන්තිකව ආශා කරන තවත් සාමාජිකයකු නිසා සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම ට අත්වන ඉරණමත් ඒ වැරදි නිවැරැදි කර ගැනීමට යාමේදී මතුවන ගැටලුත් සිනමානුරූපී අයුරින් ඉදිරිපත් කිරීම ට අධ්යක්ෂක වරුන් දෙදෙනා සමත්වී ඇත.
වෙසෙසින්ම මෙහි සංගීත නිර්මාණය බෑන්ඩ් මියුසික් වල නව රසයක් මතුකරයි.ඝෝෂාකාරී කොත්තු රොටි මියුසික් වලින් හිතට නොව නටන කකුල් වලට ඉදිරිපත් කිරීම වෙනුවට ඉතාම රසවත් සියුම් සංගීතයක් තුලින් නව ප්රවණතාව ක් සටහන් කිරීමට Solo Town සමත්වෙයි .කර්ණ රසායන ගීත කීපයක් ම මෙහි අන්තර්ගත වීම නිසා එකළඟ දවස් දෙකක් ම මම මේ චිත්රපටය නැරඹීමි.
දෙවැනි දින පීවීආර් සිනමාහලේ එය නරඹා ආපසු එනවිට සෝලෝ ටවුන් කණ්ඩායම රවීන් කණිෂ්ක හැර (සෙසු අය)සිනමා හලේ කොරිඩෝවේදී මට මුණගැසිනි.මම ඔවුන්ට සුබපතන්නට දෙවරක් නොසිතා කටයුතු කළෙමි.ඒ මොහොතේ ඒ තරුණයන්ගේ මුහුණේ මතුවූ දිලිසෙන සතුට දෝරෙ ගලාගිය අයුරු දුටුවෙමි.
මම යෝජනා කරන්නේ චිත්රපටය තුල මතුවූ අලුත් සියුම් සංගීත ප්රවණතාව ඉදිරියට ගෙනයාමට Solo Town නමින් ඇත්තටම සංගීත කණ්ඩායම ක් අරඹන ලෙසයි.
 
නීතිඥ කපිල ගාමිණී ජයසිංහ
Back to top
Go to bottom

Popular News