lan englan tam

පුවත්

කසුන් කල්හාරගේ The Academyයෙන් නත්තල් තිලිණයක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නත්තල කියන්නේ ලෝකවාසී සියලු දෙනා උත්සවත්ශ්‍රීයෙන් සමරණ

කිතුණු බැතිමතුන්ගේ සුවිශේෂී දිනයකි. ජේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරන නත්තල වසර සතුටින් අවසන් කරන විශේෂාංගයක් ලෙස ද නම් කළ හැක. නත්තල තුළ වෙනම සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. ඒ සංස්කෘතිය හැකී ලෙස ලෝක වාසී සියලු දේනා සමරන අතර නත්තල යනු කිතුණු බැතිමතුන් පමණක් සමරන දිනයක් නොවන අතර නත්තල ලං වෙත්ම නත්තල් ගස් බොහෝ කඩ සාප්පු නිවාස වල ඉදි වන්නේ නත්තල තුළ වෙනස් ආකාරයේ ලස්සන සංස්කෘතික අංගයක් ලෙසය. 

 නත්තල් කියූ සැනින් මතකයට නැගෙන්නේ නත්තල් ගස් සහ නත්තල් සීයා ය. එසේම එපමණක් නොව නත්තල් ගීත ද ඒ කාලය තුළ ජනප්‍රිය ය. මේ ලෝක පූජිත දිනයේ ආදරය, ප්‍රේමය පැතිරවීමට නත්තල වෙනුවෙන් The Academy ආයතනය වෙනස් ආකරායේ ප්‍රේමණීය නත්තල් ගීත දෙකක් නිර්මාණය කර ඇත. 
 

 
පසුගිය් දෂකය බිහි කළ සුවිශේෂී ගායකයෙකු වන කසුන් කල්හාරගේ The Academy නම් සංගීත Academy යේ සිසුන් නත්තල් ගීත දෙදක් නිර්මාණය කර ඇත. 
 
ශමින්ද්‍ර ජයවර්ධන පියතුමාගේ පද රචනයකට අනුව කසුන් කල්හාර ගායනා කළ 'මගේ දිවි පණ නල' නම් නත්තල් ගීතය කසුන් කල්හාරගේ The Academy ආයතනයේ සිසුන් සමූහ ගායනක යෙදෙමින් මෙම නත්තල් ගීතයට වෙනස් ආරයක් එක් කර ඇත. 
"දිදුලන මිනිස් ආදරයක් හමුවන සාමය සතුට පිරි සුභ නත්තලක්" යනුවෙන් ඔවුන් නත්තලට ගීතයක් තුළින් වෙනස් මිහිරක් සමඟින් නත්තලට අලුත් ප්‍රේමණීය බවක් ලබාදීමට හැකි වී තිබේ.
 
එසේම ශමින්ද්‍ර ජයවර්ධන පියතුමා විසින්ම රචිත 'මා බලවත් කරනා සමිදේ' ගීතය ද කසුන් කල්හාර ගායනා කර ඇති අතර මෙම ගීතය ද කසුන්ගේ The Academy ආයතනයේ සිසු සිසුවියන් නැවත සමූහ ගායනක යෙදෙමින් මෙම ගීතයට ද අලුත් මුහුණුවරක් එක් කිරීමට සමත් වී තිබේ. 
 
මේ සියල්ල කසුන් කල්හාරගේ මඟ පෙන්වීම සහ ගුරුහරුකම් මැද සිදු වූ අතර සාමය සතුට පිරි නත්තලට ආදරය නම් ප්‍රබල හැගීම ද එක් කිරීමට ඔවුන්ට හැකි විය.
 
(Write by - දිනිත ජයරත්න)
 

Back to top
Go to bottom

Popular News