lan englan tam

තැන තැන කුණු නොදා ඉන්න පුරුදු වෙමු

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තැන තැන කුණු නොදා ඉන්න පුරුදු වෙමු

 

නිකසල රටක් වැඩපිළිවෙල යටතේ මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 20 වැනිදා පවත්වා තිබුණි.

මෙම පිරිසිදු කිරීමේ කර්තව්‍යය සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇති අතර ඒ සම්බන්ධයෙන් Kandy Boys and Girls ෆේස්බුක් පිටුවෙහි පළවූ සටහනක් අපි මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු,

“තැන තැන ඔහේ බිම දාලා තිබ්බ පොලිතින්, කඩදාසි, බස් ටිකට්, ෆෝන්කාඩ්, බියර් ටින්, සිගරට් ෆිල්ටර්, ලොතරැයි වගේ එකී, මෙකී, නොකී හැමදේම අපි මලුවලට එකතු කරලා සුද්ධ කලා. 
මේ ජාතික වැඩසටහනට පොලිසියේ නිලධාරී මහත්ම / මහත්මීන් ගණනාවකුත් එකතු වුනා. 
ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ, ඔරලෝසු කණුව නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, බහිරවකන්ද, වැවරවුම කියන තැන් ටික තමයි අද පිරිසිදු කළේ.

වැඩි දෙයක් කියන්න නෑ.
හෙට ඉඳන්වත් කුණු තැන තැන නොදා හරි තැන්වලට දාන්න පුරුදු වෙන්න.
ඒක අමාරු දෙයක් නෙවෙයි. හැමෝම කරන්නෙ නැතිවෙයි. ඒත් තමන් තනියම හරි ඒක පුරුදු වෙන්න. එක රැයකින් ලොකු දෙයක් කරන්න බෑ. මොකද චීන මහා ප්‍රාකාරය හැදෙන්නත් රැයවල් ගණනාවක්ම ගතවුනා. ඒත් ටිකෙන් ටික හරි අපි හැදෙමු. අපි හදමු. 

රට වටෙන්ම අද වැඩේට ආපු නුවරට ආදරේ හැමෝටම අපිත් ආදරෙයි. හදවතින්ම ස්තුතියි..!”