lan englan tam

සමාජ අත්හදාබැලීම් සමග අනාරක්ෂාවද ඇත; ගාමිණී වියන්ගොඩ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අස්ථාවර බවක් සහ අනාරක්ෂාවක් සමග උද්වේගයක්, ඕනෑම සමාජ අත්හදාබැලීමක් සමග එකට ගමන් කළ හැකි බව සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙයි.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව 'අනිද්දා' පුවත්පතට රචනා කළ ලිපියකින් ඔහු මේ බව පවසයි. තමන් පෙන්වා දෙන කරුණු තුළින් ඉදිරිය ගැන සම්පූර්ණ ස්ථිරව සිදු වන දේ ගැන කිව නොහැකි මුත් එවැනි තත්ත්වයක් සමාජීය වශයෙන් සිදු වන වෙනස්කම්වලදී එක හා සමව ගමන් ගන්නා බව වියන්ගොඩ පවසයි.
"එසේ වෙතත්, ප්‍රංශ විප්ලවය සිදු වන අවස්ථාවේ එරටට නොතිබුණු බලසම්පන්න ආරක්ෂක පවුරක් අද අපට ඇත. එය අප හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නමිනි. මේ කියන ප්‍රජාතන්ත්‍රවාදය විසින්, එක්තරා ආකාරයක සීමා නිර්ණයක් සිදු කෙරේ. අපේ සෑම හැලහැප්පීමක්ම එකී සීමාවන් තුළ පවත්වාගැනීමට, ධනේශ්වර මෙන්ම සමාජවාදී ව්‍යාපාරයනුත් කටයුතු කිරීම, නූතනත්වයේ ඇති විශිෂ්ටතම ජයග්‍රහණයයි. ඒ නිසා, ප්‍රංශ විප්ලවයේ අත්හදාබැලීමේ අතුරු අනිසි ප්‍රතිවිපාක ඒ ආකාරයෙන්ම අපටත් අත්විය හැකැයි සිතිය යුතු නැත.
ප්‍රජාතන්ත්‍රවාදය නමැති අමු පාලන ක්‍රමය, විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, වර්ධනීය අවධියකට හෙවත් ඔප්නැංවූ මාදිලියක් වෙත පරිණාමය වී තිබේ. එය අප හඳුන්වන්නේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය, සමාන්තරව වර්ධනය වූ දේශපාලනික ක්‍රමවේදයක් සහ ආර්ථීක ක්‍රමවේදයක් වන නිසා, බොහෝවිට සිදු වුණේ, ධනවාදය විසින් සමානුපාතික නොවන ආකාරයකින් සහ සමාජ සාධාරනිය නොවන ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදය තුළට සිය ආක්‍රමණය සිද්ධ කිරීමයි. ඒ ප්‍රශ්නයට මාක්ස්වාදීන්ගේ පිළිතුර වුණේ, ධනවාදය අහෝසි කර සමාජවාදී ආර්ථීකයක් ස්ථාපනය කිරීමයි. එය අසාර්ථක ව්‍යාපෘතියක් වූ බව අපි දනිමු." තමන් උදාහරණයට ගන්නා ප්‍රංශ විප්ලවයේ පසුබිම තව දුරටත් අනාවරණ කරමින් හෙතෙම පවසා තිබේ.
එහි සම්පූර්ණ සටහන 'අනිද්දා' පුවත්පතේ සහ පහත සබැඳියෙන් පරිශීලනය කළ හැකිය.

https://theleader.lk/featured/26078-2024-09-06-04-50-40

 

Back to top
Go to bottom