බහුතරයක් ඇතැමුන්ගේ පශ්චාත්තාපයේ වචන කිහිපයයි.ප්‍රේමය සමඟ මේ වචන කිහිපය ගැටෙන්නේ විරහව මත බැව් ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඓන්ද්‍රීයව වටහා ගන්නවාට කිසි සැකයක් නැත.
'ආදරය' වචනයකි හැඟීමකි එක්තරා සිහිවටනයකි අදෘශ්‍යමාන හස්තයකි ඔය එකී මෙකී නොකී ඕනෑම දෙයකි.නිදහස සොයා යාම , ලබා ගැනීම සහ අතහැරීම ඔය ඕනෑම අවස්ථාවකට බඳුන් විය හැකි අහඹු යමකි.ඉතින් අප කොපමණ වැරෙන් අල්ලා සිටියද කුමන හෝ අවස්ථාවක එය අපෙන් ගිලිහී යාමක් බලාපොරොත්තු සහසගතව ජීවත් වීමට සිදුවීම ලෝකයේ ස්වභාවයකි.ජීවිතය නම් මහ සයුරෙහි ප්‍රේමයනම් දිරා ගිය බෝට්ටුව මතින් ගොඩබිමක් සොයා යාම සියලු දෙනාටම පාහේ පහසු කරුණක් නොවනු ඇති.එය හුදෙක් අහඹුවකි.තාවකාලික ජීවිතය තුළ තත්පරයක් පාහේ එම මොහොත විඳිමින් ගත කිරීමට මනුශ්‍යයාගේ ඇති අභිරුචිය ඔබ මනුශ්‍යයෙකු වූ නිසාවෙන්ම වැටහෙනවාට සැකයක් නැත.
තම තමාටම කියාගත් අභිමතාර්ථයන් සොයා, බාගවිට ඔබ මගෙන් දුර ඈතකට යනු ඇත බාගවිට මා ඔබෙන් ඈතකට යනු ඇත.නමුත්, හැඟීමක දළුලමින් සෑම දිනකම පාහේ, 'ප්‍රේමය' සදාකල් වැජඹෙනු ඇත!
-දනුක සන්දනායක (ලෙගෝ) - The Cinema People