lan englan tam

පුවත්

සමාජ පරිවර්තනය ගැන ඉහළ පුහුණුවකට අයදුම් කරන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සමාජ පරිවර්තනයක් සඳහා සිනමාව නිර්මාණශීලී ලෙස භාවිත කිරීම පිළිබඳව හැදෑරීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ උතුරු, නැඟෙනහිර, දකුණ, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සිටින සියලුම තරුණ සිනමාකරුවන්ට ආරාධනා කෙරෙන වැඩසටහනක් වශයෙන් 'සිනමාකරුවන්ගේ ධාරිතා වැඩමුළු සහ උළෙල' හඳුන්වා දීමට කටයුතු කර ඇත.

කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ICES ආයතනය සහ Agenda 14 ආයතනය සමග සංවිධානය කළ වැඩමුළුවක් ඔස්සේ මෙම උළෙල සංවිධානය කරයි.
ඒ සඳහා අයදුම් කළ හැකි තරුණ කෙටි චිත්‍රපටකරුවන් 200ක් සවිබල නැංවීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙයි.
අයදුම් පත්‍රය https://forms.gle/YUenQos19UtxzpVm9 සබැඳිය ඔස්සේ ලබා ගත හැකි අතර අයදුම් කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 10 වේ.
2025 ජනවාරි සිට 2026 මාර්තු දක්වා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනෙහි, මුලික අවධානය යොමුවෙන්නේ සමාජභාවය සහ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යන තේමාවන් වෙතයි. මෙහිදී සම්මානලාභී සිනමාකරුවන්ගේ මග පෙන්වීම් මත දිස්ත්‍රික් මට්ටමේ වැඩමුළු තුලින් නිර්මාණශීලී තරුණ-තරුණියන්ට කෙටි චිත්‍රපට නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ වැඩමුළු සහ 'මාස්ටර් ක්ලාසස්', තිර රචනා සහ නිෂ්පාදන සැලැසුම් සාකච්ඡා කිරීම සඳහා විවෘත දින, කොළඹදී සිනමා උළෙලක් සහ දිස්ත්‍රික් මට්ටමේ සිනමා දර්ශන සමග සංවාද පැවැත්වේ.

Back to top
Go to bottom

Popular News