lan englan tam

පුවත්

'කොමඩියන්ස්' අඩු වෙමින් යන කොලිවුඩය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේක ඇත්තටම හොදද නරකද??මන් හිතන්නේ හොදයි..ඉස්සර අපි දමිළ සිනමාව බලන්න ගත්ත කාලේ අපෙන් අහන්නේ කොල්ලා කවුද?කෙල්ල කවුද?හොරා(දුශ්‍ටයා) කවුද?විහිලු කරන්නේ කවුද?

ඕම තමා සිනමාව බෙදුණේ..එතකොට කොල්ලා..ඒමත් නැත්තම් හීරෝ හැමදාම හීරෝ..එයාගෙ පාට් එක තමා ගහගැනීම..ලස්සනට සිටීම..පෙම් කිරීම..නර්තනය කිරීම..දුශ්ටයාව මැ.රීම.
කෙල්ලගේ සහ දුශ්ටයාගෙ පාට් එකත් ඒමයි.එතකොට කොමඩියන්ගේ චරිතයත් ඒමයි.එයාගෙ කොටස තියෙන්නේ මොන අවස්තාව උනත් කටින් හෝ ක්‍රියාවලින් ප්‍රේක්ශකයාව හිනැස්වීමම පමනයි. පරණ ෆිල්ම් බලපු අය දන්නවා වඩිවේල් කියන්නේ නලුවා මාරු උනත් තමන් ෆිල්ම් වලට ශුවර්ම චරිතයක්..ඒ වගේම පස්සෙ ආවා විවේක්...
ගොඩක්ම අණසක පතුරවන් හිටියේ වඩිවේලු තමා ඊට පස්සේ විවේක්..සමහර විට ෆිල්ම් එක හොද උනත් ෆ්ලොප් උනත් මේ අයගෙ විහිලු වැඩ කරපු තැන් තිබ්බා..
ඒ නිසා කාලයක් යනකන් දමිළ සිනමාවේ මේ 'කොමඩියන්" කියන පාට් එක නැතිවම බැරි උනා..
කාලයත් එක්ක අලුත් නලුවෝ එක්ක සන්තානම්,සූරී,සතිශ්,යෝගී බාබු මේ කොමඩියන්ගේ චරිතය නිරූපනය කරන්න ගත්තා.
මේකෙන් ඉස්සර වඩිවේලු වගෙ තමන්ගෙ අණසක පතුරවන් හිටියේ සන්තානම් කියන කොමඩි ආටිස් කිව්වොත් මන් හරි.
ඇත්තට සන්තානම් ඉන්නකන් සූරි,යෝගී බාබු,සතීශ්,බාලජි වගා අයට තමන්ගේ තැන රැකගන්න අමාරු උනා..
වඩිවේලුලාගෙන් ගත්ත බැටන් එක මගදි අතරින්න මුලින්ම තීරණය කරන්නේ සන්තානම්..ඒ කියන්නේ වයසට යනකන්ම එක රාමුවකට වෙලා කොමඩි ආටිස් විදියට සහය නලුවෙක්ගේ චරිතය දිගටම කරන්න නොහිතපු සන්තානම් සහය චරිත බාරනොගෙන තමන් ප්‍රදාන නලු චරිත කරන්න බාරගන්නවා..හැබය් ඔහු ගොඩක් කරන්නේ ඔහුට හුරු පුරුදු විහිලු පැත්තටම බර ප්‍රධන චරිත තමා..
ඉන්පසුව විවේක්ද ඉතා හොද් ත්‍රිලර් ෆිල්ම් එකකින් ප්‍රධාන චරිතයකට දායක වෙනවා..අවාසනාවකට ඔහු ඒ සමගම ජීවිතයෙන් සමු ගන්නවා..
මෙතනින් හොදම ට්‍රාන්ස්ෆොමේශන් එක දෙන්නේ වඩිවේලු..කින්ග් ඔෆ් cඔමෙඩ්ය් හිටපු මනුස්සයා කාලයක් සිනමාවෙන් ඈත්ම වෙලා හිටියා..ඒත් කම්බැක් එක දුන්නෙ මාරි සෙල්වරාජ්ගේ ෆිල්ම් එකකින්..එහා පැත්තේ ඉන්නෙ ෆහද් ෆාසිල්..මෙච්චර හිනා ගස්සන මනුස්සයාගේ කටේ එක හිනාවක් නැතිව අපිවත් ෆුල් සීරිස් කරලා ෆෆා එක්ක කරට කර රගපෑවේ කියලා හිතද්දි තාමත් කන්ෆියුස්..
සූරිගේ ට්‍රාන්ස්ෆෝමේශන් එක තමා සුපිරිම..විඩුතලෙයි එකෙන් ප්‍රධාන චරිතය කරන සූරි හිතුවේවත් නැති මාස් එලිමන්ට් එකක් දෙනවා ගරුඩන් එකෙන්..
ඒ වගේම යෝගි බාබුගේ මැන්ඩෙලා,බොම්මයි වගේ හොද ශෝශල් මැසේජ් දෙන ෆිල්ම් වලින් ඔහුද ප්‍රධාන චරිතයට පෙළඹෙනවා..
අලුතෙන්ම ආපු බාලාජීගේ සොර්ගවාසල් සහ සතීශ් ප්‍රදාන චරිතය රගදක්වන චිත්‍රපටද නිකුත් වී තිබෙනවා..ඔතනින් කීයෙන් කීයක් දිගටම සාර්තක වෙයිද කියන්න බෑ.
හැබයි දැනටම සූරිව අපිට අහිමිව වෙලා යයි කොමඩියන් කෙනෙක් විදියට..
ඇක්ශන් හීරොස්ලා හොයාගන්න පූලුවන් ඕනේ තරම්..ඉමෝශනල් ඇක්ටස්ලත් හොයාගන්න පුලුවන්..හැමෝම දන්න දෙයක් තමා හිනාව එන විදියට රගදක්වන එක තමා අමාරුම...ඒක හැමෝටම පුලුවන් දෙයක් නෙමේ..කලාවේ හාස්‍යෝත්පාදනය තමා අමාරුම..
එක රාමුවකට කොටු නොවී මේම වැඩ කරන එක ගැන නම් සතුටුයි..හැබයි දැන් හීරෝ.විල්ලන්.කොමඩියන් නොවී ඔක්කොම ෆිල්ම් එකේ "ආටිස්ල" විදියට දකින එක හොද ලක්ශණයක්..
මේ යන විදියට දමිළ සිනමාවට කොමඩියන්ලා පිටින් ගෙන්න ගන්න වෙයි ද දන්නෑ😁


සටහන: සුශ්මි මිහාරා ප්‍රේමචන්ද්‍ර - භාරත රසික සිනමා සංසදය

Back to top
Go to bottom

Popular News