lan englan tam

පුවත්

වේදිකාවෙන් කලාවට ඒම හොඳ මවකගේ කුසෙන් උපදිනවා වගෙයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"අපේ රාජ්‍ය නාට්‍ය උළෙල, තරුණ සේවා සභාවේ නාට්‍ය උළෙල තිබෙනවා. අපි සල්ලි නැතිව, කන්න නැතිව වේදිකාවල නාට්‍ය කළා. වේදිකා නාට්‍යවලට යොමු වෙන්න තරුණයන්ට උනන්දුවක් නැති එකට අපි මොකද කරන්නේ. අපි යාළුවෝ ටික එකතුවෙලා, ‘වේදිකා නාට්‍යක් කරමු බන්’ කියලා ප්ලේන්ටියක් බිබී, පුහුණුවීම් කරල තමයි අමාරුවෙන් වේදිකා නාට්‍ය කළේ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිහක් වෙනවා. මම ක්ෂේත්‍රයට ආවේ අවුරුදු දහසයේදී. නමුත් අපි තවමත් වේදිකාවල රඟපානවා. ඒ දේ අපිට බලහත්කාරයෙන් ඇතුළු කරන්න බැහැ. වේදිකාවෙන් තමයි ආරම්භ කළ යුතු කියන එක තරුණයෝ දැන ගන්න ඕනෑ." මෙසේ පවසන්නේ ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුරය.

පසුගිය සතියේ 'මව්බිම - හදගස්ම' පුවත්පතේ නයෝමි ශර්මිලා සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මෙසේ පවසා තිබූ අතර කලාකරුවන් වේදිකාවෙන් පන්නරය ලැබිය යුතු බව එහිදී අවධාරණය කර තිබිණි.
"කලාවේ ගර්භාශය තමයි වේදිකාව. මම, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, සරත් කොතලවල අපි හැමදෙනාම ආවේ මේ ගර්භාශයෙන්. වේදිකාවෙන් කලාවට එන එක හොඳ අම්මා කෙනකුගේ කුසෙන් උපදිනවා වගේ දෙයක්. වේදිකාව කියන ගර්භාශය විනාශ කරන්න කාටවත් දෙන්න හොඳ නැහැ. කලාකරුවාට එතැනින් උත්පත්තිය හදලා දෙන්න කියලා තමයි මම නම් කියන්නෙ."
කුමාර තිරිමාදුර එහිදී වැඩිදුරටත් පවසා තිබිණි.

Back to top
Go to bottom

Popular News