lan englan tam

පුවත්

අල්ලු අර්ජුන් ඉන්දීය සිනමාවේ වේගවත්ම කෝටි දහස උපයයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

- ඉන්දියන් සිනමාවෙ වේගවත්ම කෝටි 1000 Allu Arjun ගෙන් 🫡
- Sukumar අධ්‍යක්ෂණය කළ Allu Arjun, Fahadh

Faasil,Rashmika Mandana රංගනයෙන් දායක වූ Pushpa 2 චිත්‍රපටය තිරගතවීම ආරම්භ වී සතියක් පිරීමට මත්තෙන් උපයා ඇති සමස්ථ ආදායම ඉන්දියන් රුපියල් කෝටි 1000 ඉක්මවා ඇත.


එය ඉන්දීය බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාවන් අලුත් කලේ ඉන්දියාව තුළ ඕනිම භාශාවක චිත්‍රපටයක් ඉපයූ ආදායම ඉන්දියන් රුපියල් කෝටි 1000 සීමාව ඉක්මවා යාමට අඩුම දින ගණනක් වැය කළ චිත්‍රපටය බවට පත් වෙමින්‍ ය.
Fastest ₹1000cr Gross Indian Film (day)
1. Pushpa2TheRule - 6 Days 💥
2. Baahubali2 - 10
3 .RRRMovie - 16
4. KGF2 - 16
5. Jawan - 18
6. Pathaan - 27
ඉහත ලැයිස්තුවේ ඇති විශේශත්වය නම් අඩුම දින සංඛ්‍යාවකින් ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාව ඉක්මවා ගිය ලැයිස්තුවෙ මුල් චිත්‍රපටයන් ත්‍රිත්වයම තෙළිගු භාශා චිත්‍රපට වීමයි.
Allu Arjun ගේ Pushpa The Rule චිත්‍රපටය මේ වන විට තබා ඇති ආදායම් වාර්ථා කිහිපයක්.
* ඉන්දීය චිත්‍රපටයක් පළමු දින ලොව පුරා ඉපයූ වැඩිම ආදායම ( 294 cr )
* හින්දි භාශාවෙන් පමණක් ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා ආදායමක් ඉපයීමට අඩුම දින ගණනක් වැය කළ චිත්‍රපටය බවට පත් වීම. (5 Days)
* තිරගත වීම ආරම්භ වී අඩුම් දින සංඛ්‍යාවකින් ඉපයූ සමස්ත ආදායම ඉන්දියන් රුපියල් කෝටි 1000 ඉක්මවා ගිය චිත්‍රපටය බවට පත් වීම.
* ඕනිම චිත්‍රපටයක් එකම දිනකදි භාශා ද්විත්වයකින් රුපියල් කෝටි 50 ඉක්මවා ගිය පළමු චිත්‍රපටය බවට පත් වීම. ( Hindi/Telugu)
* චිත්‍රපටය තිරගත වීම ආරම්භ වී පළමු දින හැරුණුකොට සෙසු දිනකදි ඉපයූ ආදායම ඉන්දියන් රුපියල් කෝටි 200 ඉක්මවා ගිය පළමු චිත්‍රපටය වීම.( 4th Day)
* දමිළ නොවන චිත්‍රපටයක් ( දමිළ බසින් හඩ කැවූ තෙලිගු චිත්‍රපටයක් ) තමිල්නාඩුවේ ඉපයූ වැඩිම එක්දින ආදායම හිමි චිත්‍රපටය බවට පත් වීම.
* එක් දිනක් තුළදි හින්දි භාශාවෙන් පමණක් චිත්‍රපටයක් ඉපයූ වැඩිම ආදායම හිමි චිත්‍රපටය බවට පත් වීම
එසේම මේ වන විට Stylish Star Allu Arjun ද කෝටි 1000 ඉක්මවා ආදායම් ඉපයූ චිත්‍රපටයක හිමිකරුවෙකු වන අතර, ඔහු එම කඩයිම ඉක්ම්වා ගිය 7 වන ඉන්දීය නළුවා මෙන්ම 4 වන තෙලිගු නළුවා වේ.
එසේම Pushpa The Rule අධ්‍යක්ෂණය කළ Sukumar කෝටි 1000 ඉක්මවා ආදායම් ඉපයූ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ 6 වන ඉන්දීය අධ්‍යක්ෂකවරයා වන අතර 3 වන තෙලිගු අධ්‍යක්ෂකවරයා වේ.
බොහො දෙනා මත පළකරනුයේ Jawan,Pathan,RRR,KGF2 වැනි චිත්‍රපට අභිභවා Pushpa The Rule චිත්‍රපටය ඉන්දියන් සිනමාවෙ තුන්වන වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය බවට පත් වනු ඇති බවටයි.

රවිඳු රත්නායක - Indian Cinema Fan Club

Back to top
Go to bottom

Popular News