සමහර මතක සුන්දරයි. සමහර මතක අසුන්දරයි. මතක කියන්නේ සුන්දරත්වය අසුන්දරත්වය වේදනාව රිඳවීම් සතුට දුක මේ සියල්ල මුසු වුණ අමුතු දෙයකට. ඒ වේදනාවන් රිඳවීම් ආදී සියල්ල තුළින් බොහෝ සුන්දර ප්‍රේමණීය නිර්මාණ බිහි වී තිබෙනවා.
එසේ නිර්මාණය නිරමාණය වුණ අලුත් ගීතයක් තමයි 'රිදවනා මතකේ'. මෙම ගීතයේ පද රචනය, ගායනය සහ තනුව කවිදු මඳුරාවල සිදු කර ඇති අතර සංගීතය ලහිරු ද කොස්තාගෙ ය. 'රිදවනා මතකේ' රූප රචනය සන්දේශ් බණ්ඩාර විසින් සිදු කර ඇති අතර එයට රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය රංගන ශිල්පි සංජය මුරමුදලි සහ විනූ පෙරේරා විසිනි. මේ සියලු දෙනාගේ හැකියාවන් දක්ෂතාවය්න් මුසු වුණු 'රිදවනා මතකේ' සුන්දර නිර්මාණය ලෙස මුදා හැරීමට සමත් වී තිබෙනවා.
"මතකේ අපගේ සැනසුමයි ජීවිතේ" මතක කියන්නේ වේදනාවක් රිඳවීමක් වගේම එක්තරා ආකරයක සැනසීමක් ද ජීවිතයට ගෙන දෙනවා. ඇතැමුන් ජීවත් වන්නේ ද මතක මතය. එසේම ඇතැමුන් ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ද මතකයන් නිසාමය. සැබවින්ම මතක කියන්නේ හොඳ නරක සියල්ල මුසු වුණ අමුතු දෙයකට ය.
'රිදවනා මතකේ' ගීතයෙන් මතකයන් ගැන බොහෝ දේ ප්‍රකාශ කරන අතර අන් සියල්ලටම වඩා ගායකයා ගීතය ගායනා කරන ගැඟීමෙන් බොහෝ දේ අප්රකාශිතව ප්‍රකාශ වේ.
දිනිත ජයරත්න