"සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්රැෆර් ඔෆ් ද ඉයර්" තරගාවලියේදී වසරේ විශිෂ්ටතම වනජීවී ඡායාරූපකරණයට හිමි සම්මානය දිනා ගැනීමට තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක සමත්වුණා. තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායි හිදී.
කීර්තිමත් බිටු සාගල් විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය 1981 වසරේ සිට ක්රියාත්මකයි.
ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියාවේම දැඩි අවධානයක් දිනාගන්නා මෙම තරගාවලිය වනජීවී සංරක්ෂණය ප්රමුඛ කරගනිමින් ක්රියාත්මකවන්නක්.
"සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්රැෆර් ඔෆ් ද ඉයර්" තරගාවලිය පැවැත්වෙන්නේ දැඩි තරගකාරීත්වයක් පවතින වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන්.
වසර ගණනාවක් පුරා ශ්රී ලාංකීය ඡායාරූප ශිල්පීන් මෙහි විවිධ කාණ්ඩ යටතේ සම්මාන හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
කිසිඳු ශ්රී ලාංකිකයෙකුට මෙහි විශිෂ්ටතා සම්මානය මෙතෙක් දිනාගැනීමට හැකිවී නැහැ.
ඒ අනුව තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක මෙම සම්මානය දිනු පළමු ශ්රී ලාංකීය ඡායාරූප ශිල්පියායි. මෙය මෙරට සමස්ත වනජීවී ඡායාරූප ශිල්පීන්ටම සුවිශේෂී ජයග්රහණයක් වනවා.