"බුද්ධ මාතා" බලන්න ගිය එක පාඩු නෑ..
පැය 2 1/4 ක බඩකඩෙත්තුවට කලින් විනාඩි කීපයක අපූරු ෆිල්ම් ට්‍රේලර් එකක් පෙන්නුවා.
"Room no. 106" සුරංග ද අල්විස් ගේ වෙනස් මාදිලියක චිත්‍රපටයක් වගේ. මෙරට සිදු වූ බිහිසුණු මිනිමැරුමක සත්‍ය කතාව.
සුරංගගෙ අනෙක් ෆිල්ම් බලලා මං විවිධ විවේචන කරලා තියෙනවා. ඔහුට ෆිල්ම් තේරෙනවා කියලා පෙන්නුම් කළත් තෝරාගත් සමහර කතා ගොං. හැබැයි මීට කලින් සුරංග හදපු "The Game", ඔහු වෙනස් මගක යන්න පටන් ගත්ත බව පෙන්නුවා.
මං ට්‍රේලර් හා රඟන නළු නාම ලේඛනය බලලා ෆිල්ම් ගැන පූර්ව නිගමන දෙන්නෑ. ඒත් "Room no. 106" ෆිල් ට්‍රේලර් එක මගේ සිතේ බලාපොරොත්තු දැල්වූවා.
ආ.."සරුංගලේ", "සිරිබෝ අයියා", "ක්ෂීර සාගරය කැලඹිණ" වගේ ෆිල්ම් හදන්න පුළුවන් හැකියාව තියෙද්දි සුනිල් ආරියරත්න හදන්න ගත්තු බඩකඩෙත්තු චිත්‍රපට ගොන්නේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් සිද්ධාර්ථ හා බුද්ධ මාතා පෙන්නලා උපාසක උපාසිකාවන් රැවටීමෙන් බඩකඩෙත්තු චිත්‍රපට රැල්ල මෙතැනින් ඉවර වෙනවා නම් යහපති.
අම්මපා.. උවැසියන් කීපදෙනෙක් ෆිල්ම් එක ඉවර වෙද්දි නැගිටලා "සාදු සාදු" කියලා තිරේට වැන්දා කියහල්ලකො.
හෙන්රි වර්ණකුලසූරිය විසිනි