lan englan tam

පුවත්

නයෝමි හොඳම නිළිය කළ වසර 42ක් පැරණි නාට්‍ය පිටපත

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නයෝමි තක්ෂිලා රංගන ශිල්පිනිය 2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය බවට පත් කළ ඩග්ලස් සිරිවර්ධනයන්ගේ 'සුබ සැන්දෑවක්' නාට්‍යයේ පිටපත වසර 42ක් පැරණි බව එහි අධ්‍යක්ෂක ඩග්ලස් සිරිවර්ධන පවසයි.

ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබූ අතර එම සටහන පහතින් පළ වේ.

 

2024 රාජ්ය නාට්ය උලෙළේ වසරේ විශිෂ්ටතම ස්වීය නොවන පිටපතට හිමි සම්මානය මගේ "සුබ සැන්දෑවක්"නාට්යය හිමිවුනා.

මෙයට වසර 20 කට පෙර ජාතික නාට්ය අනුමණ්ඩලයේ සබාපති
ලෙස මම ජාතික නාට්ය උලෙළ සංවිධානය කළා.සම්මානත් දුන්නා.
ඒ නිසා සම්මනයක වට්නාකම මම දන්නවා.මේ පිළිගැනීම මට
වටිනවා.

මේ පිටපත ලිව්වෙ 1982.
ඒ අවුරුද්දේ නාට්ය උත්සවය පැවත්තුවෙ නැහැ.

මේ නව නිෂ්පාදනය මෙවර රාජ්ය නාට්ය සම්මාන උලෙළට
ඉදිරිපත් කළේ විශේෂයෙන් ලීසා ගැන හිතලා .

සිංහල නාට්ය අතරේ ඇති සුවිශේෂී කාන්තා චරිතයක් වන්නේ
"සුබ සැන්දෑවක්" නාට්යයේ ලීසාගේ චරිතයයි.

ලීසා ලෙස පලමුව දේවිකා මිහිරානිත් දෙවනුව රත්නා ලාලනිත් විශිෂ්ට ලෙස ජීවය ලබාදුන්නත් සම්මාන සදහා උලෙළකට ඉදිරිපත් කරන්න ඉඩ ලැබුණේ නැහැ.

මෙවර එම වාසනව නයෝමිට ලැබුනා.
ඇය 2024 විශිෂ්ටතම රංගන ශිල්පිනිය ලෙස සම්මනය හිමිකරගත්තා.
එය ලීසා හිමිකරගන්න වසර 42 ක් ගියා.

මෙවර මගේ සම්මානය මට පුදකළේ නයෝමිට පෙර "සුබ සැන්දෑවක්" හි ලීසා චරිතයට ජීවය දුන් රහ්නා සොයුරිය වීම මට සතුටක් ඇය ලීසාගෙ චරිතය රගන්න 1984 එනවිට
වයස අවුරුදු 20 ක් පමන ඇති .
ඇය 2014 සම්පත්-රත්නා නාට්ය උලෙළේ ත් රගපෑවා.

නයෝමි ටවර් නාට්ය හා රංගකලා පාසලෙන් ඉගෙන විවෘත විශ්ව විද්යලයෙන් අද්යාපනවේදී උපාධිය ලබගත් දියනියක්.ඇය පලමුව
රගපෑවෙත් මගේ කෙටි නාට්යක.

ඇය සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ ජනප්රිය නිළිය ලෙසත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම නිළිය ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබුවා.

"සුබ සැන්දෑවක් "නාට්ය බලන්න එන්න ඔබට ආරාධනාවයි!

Back to top
Go to bottom

Popular News