සිංහල වාණිජමය සිනමාව වෙනුවෙන් තමන්ටම ආවේනික වු සිනමා රීතියක් අනුව චිත්‍රපට නිපදවා ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමව ලබා ගත් අධ්‍යක්ෂවරයෙක් තමයි සේන සමරසිංහ.
හින්දි, දමිළ චිත්‍රපට අනුකරනයෙන් මිදුණු ඔහුගේ ස්වතන්ත්‍ර සිනමා රීතිය, ප්‍රේක්ෂකයින් සිනමා ශාලා කරා අඩුවක් නැතිව ගෙන්වා ගැනීමට කල සේවාව ඉතා විශාලයි. චංචල රේඛා, ඈතින් ඈතට, ආශා දෑසින්, කස්තුරි සුවඳ, බඹර කලාපේ වැනි ඔහුගේ චිත්‍රපට ජනප්‍රිය වීමට ඒවායේ අන්තර්ගත වූ මියුරු ගීතත් විශාල දායකත්වයක් සැපයුවා.
පසු කලෙක මෙරටේ ශ්‍රී ලංකා - පකිස්තාන් හවුල් චිත්‍රපට නිර්මාණයේ පුරෝගාමියා වූයේත් සේන සමරසිංහ මහතාමයි.. නමුත් එම රැල්ලේ අසාර්ථක, ප්‍රේක්ෂකයින් මුලා කල චිත්‍රපට නිර්මාණයට යොමු වීමෙන් සාර්ථක වාණිජමය චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඔහු දැක්වූ කුසලතාවය මොට කර ගත් බව මගේ අදහසයි. ගාමිණී ෆොන්සේකා මහතා සේන සමරසිංහයන්ගේ සමීපතම මිතුරෙක් වූ අතර ඔහුගේ ඇතැම් ලංකා-පකිස්තාන් හවුල් චිත්‍රපටවල ("සෙබළියෝ" වැනි) ගාමිණී රඟපෑවේ මේ මිත්‍රත්වය නිසා බව කියැවෙනවා.
සේන සමරසිංහ මහතා නිර්මාණය කල "චංචල රේඛා" චිත්‍රපටය ඔහුගේ චිත්‍රපට අතරින් ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනා ගත් චිත්‍රපටයක්. සහෝදර ප්‍රේමය ගැන කියැවෙන සංවේදී කතා පුවතක් පසුබ්ම් වූ "චංචල රේඛා"චිත්‍රපටයට ගාමිණී, නදීකා, ස්වර්ණා, විමල් කුමාර ද කොස්තා, බන්දු සමරසිංහ වැනි නලු නිලියන් රංගන දායකත්වය ලබා දුන්නා. මෙහි නදීකා රඟපෑ චරිතයට ඇය ඉතා හොඳින් ගැලපුනු අතර ඇයට විශාල ජනප්‍රියත්වයකුත් මේ තුලින් හිමි වුනා. පසු කලෙක විකට නලුවෙක් ලෙස ප්‍රකට වූ බන්දු සමරසිංහ මේ චිත්‍රපටයේ විකට රීතියෙන් මිදුනු චරිතයක් රඟපෑමත් විශේෂත්වයක්. බන්දු, සේන සමරසිංහයන්ගේ නෑදෑයෙක් ද වෙනවා. ගාමිණී සුපුරුදු ලෙස තමාගේ චරිතයට උපරිම සාධාරණය ඉටු කලා. චිත්‍රපටයේ එන ගීත සියල්ලම අතිශයින් ජනප්‍රිය වුනා. (කීන දං මිටක්, හස කැලුම් උදා වේවා එදා සේ, මි අඹ අත්තේ කොහෝ කොහෝ යන ගීත)
රූප රාමු පිටින් හින්දි හා දමිළ චිත්‍රපට කොපි කරමින් චිත්‍රපට නිපදවූ අපේ ඇතැම් වාණිජමය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සේන සමරසිංහයන් පාඩමක් කියා දුන්නා. ඒ ස්වතන්ත්‍ර රීතියක් ඔස්සේ දේශීයත්වයට මුල් තැන දෙමින් ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමව දිනා ගත් චිත්‍රපට නිර්මාණය කිරීමෙන්.
රුවින්ද කොල්ලුරේ