lan englan tam

පුවත්

ආදරයට තවත් නමක් - "රෝස ආදරේ" ජනවාරි 03 සිට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉමක් නොපෙනෙන නිමක් නැති ගමනක යෙදෙන අපේ ජීවිත කුමන අවදියක පසුවූවද, පෘථග්ජන මානවයින් ලෙසින් අපි හඹායන්නෙම ආදරය පසුපසයි.

නොමියනා සේම වියපත් නොවනා ආදරය මිනිස් ජීවිත කෙරෙහී එතරම්ම දැඩිව බද්දව පවතී. නොලැබෙතැයි කියා සිතන ආදරය ලබන්නට නම් ආදරය කළ යුතුම වෙයි.
"රෝස ආදරේ" කියන්නෙත් අත නෑරිය යුතු, ලස්සනම ලස්සන ආදරණීය ආදර කතාවක්. මෙහිදී ප්‍රේක්ෂකයාට හමුවන අනූජ් රැකියා විරහිත, මවගේ සෙනෙහස පමණක් විඳිමින් ජීවත්වන ප්‍රියමනාප තරුණයෙක්. ඔහුට රැකියාවක් නොලැබීමට හේතු වුනේ, ඔහුට බාල අවදියේ සිටම වැළඳී තිබූ නාකොලොප්සි කියන අසාමාන්‍ය රෝගි තත්ත්වයයි. මොනතරම් ප්‍රතික්ෂේප වීම් සිදු වුනත් ඔහු, ඔහුගේ අධිෂ්ඨානශීලිත්වයත් උත්සාහයත් අත් හැරියේ නෑ. හීන රැසක් පොදි බැඳගෙන අනාගතය දෙස ධනාත්මකව බැලූ ඔහුගේ ප්‍රාර්ථනය එක් දවසකදී ඉටුවුනා. නොසිතුව ලෙසින් ඔහු කරා ආ සාර්ථකත්වය සහ ආදරය රැක ගැනීමට, කැපවීම් රාශියක් කිරීමටත් අභියෝග රැසකට මුහුණ දීමටත් ඔහුට සිදුවුනා. අනූජ්ගේ ඒ අනුවේදනීය ආදර කතාවයි "රෝස ආදරේ" තුලින් පවසන්නේ.
අනූජ් රණසිංහගේ කතා සංකල්පයක් මත හර්ෂ උඩකන්ද ඔහුගේ හත්වන සිනමා නිර්මාණය ලෙසින් "රෝස ආදරේ" තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කර ඇත.
රෝස ආදරේ හැඩගන්වන්නට නිසල හෙට්ටිආරච්චි, දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි ඒකනායක, රජිත හිරාන්, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ, රුමලි කේෂිඩා, වසන්ත කුමාරවිල, වසන්ත කුමාරසිරි, අශේන් නවීන්, රයන් වැන්රෝයන්, හේෂානි ලියදිපිට සහ ලාල් වීරසිංහ ඇතුළු එක්ව ඇත.
නිශාන් හසිත විසින් නළු - නිළි රැඟුම් කැමරා කාචයට හසු කරගෙන ඇති අතර, තිවංක අමරසිරිගේ කතුරෙන් පත අට එකට කැටි කිරීමෙන් අනතුරුව ශාන් අල්විස් විසින් පාට තවරා ඇත. නිමේෂ් කුලසිංහගේ මියුරු ගී තනු මත ශෙහාන් ගලහිටියාව සමගින් කුසල විදානපතිරණ ඇතිරූ වදන්, රවීන් තාරුක, ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා, හිරුෂ ප්‍රනාන්දු සහ සෙව්මිනි අංජානාගේ හඬින් ගීතවත් කර ඇත. දුල්ශාන් රත්නායකගේ ඇඳුම් නිර්මාණයෙන් හැඩවූවන් මනුක ගලගෙදර විසින් වත්සුනු තවරා ඔපවත් කර ඇත. නර්ථන වින්‍යාසයෙන් ශේන් ආර්යන්ද ශබ්ද සංස්කරණයෙන් සශින් ගිම්හාන් පෙරේරාද, හඬ පටිගත කිරීමෙන් තනුෂ්ක කහඳවල හා විධායක නිෂ්පාදනයෙන් ශලිනි ප්‍රනාන්දු උඩකන්ද , නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දලාල් ජයකොඩි එක්වූ රෝස ආදරේ, අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදන දායකත්වය දරා ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News