lan englan tam

පුවත්

කලා නිර්මාණවලට සුරතලුන් සපයන Paw Paradise

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සතුන් කියන්නේ මේ පරිසරයේම කොටසක්. ලෝකයේ දියුණු විදේශ රටවල්වල සතුන්ට ද මිනිසුන්ට හා සමානම අයිතියක් ඇති බවත් පිළිගෙන ඇති අතර ඒ සමාන කම ඔවුන්ට ලබා දී ඇත. සතුන් වෙනුවෙන් බොහෝ දේ සංවිධානය කිරීමටත් ඔවුන් අමතක කර නැත. නමුත් ලංකාවේ තත්වය ඊට හාත්පස වෙනස් ය. ලංකාවේ මිනිසුන් සතුන්ට සලකන්නේ සත්තුන්ටත් වඩා අන්ත ලෙස ය. විටින් විට සත්ව හිංසනය පිළිබඳව කතිකාවන් සමාජයට එන යන අතර නමුත් සත්තු වෙනුවෙන් ඇත්තටම වැඩක් කරන්නේ බොහොම අතලොස්සකි.

ඒ අතලොස්ස අතරින් අපට හමු වුයේ 'Paw Paradise Sri Lanka’ ආයතනයයි. ඔවුන් සතුන් වෙනුන්වෙන් ඇත්තටම යමක් සිදු කරන ආයතනයකි. සුරතල් සතුන් වෙනුවෙන් වායු සමීකරණය කරන ලද කාමර සහිත හෝටලයක් ඔවුන් හෝමාගම නියඳගල ප්‍රදේශයේ පසුගියදා විවෘත්ත කළ අතර එසේම පුහුණු කරන ලද සුනකයින් ටෙලිනාට්‍ය හෝ සිනමාපට වලට ලබාදීමේ සේවාවක් ද ඔවුන් සතුව පවතිනවා.

එසේම පළමු වතාවට සුරතල් සතුන් සහ Modeling යන අංශ දෙක එකට එක් කර විශේෂ උත්සවයක් ද පසුගිය දා අතිඋත්කර්ෂවත් ලෙස පැවැත් වුණා.

සතුන් වෙනුවෙන් මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරමින් ඔවුන්ට ආදරය සෙනෙහස දැක්වීමටත් සතුන් වෙනුවෙන් මිනිසුන් තුළ දයාව කරුණාව ආකර්ෂණය ඇති කිරීමටත් Paw Paradise ආයතනය සිදු කරන මේ ව්‍යාපෘතිය ඇත්තෙන්ම මේ මොහොතේ සමාජයට අවැසිම සමාජ මෙහෙවරකි.

දිනිත ජයරත්න

Paw 5

Paw 2

Paw 3

Paw 4

Paw 1

Back to top
Go to bottom

Popular News