lan englan tam

පුවත්

දරුවන් නැති වෙළඳ දැන්වීම් දරුවන්ගේ පසින් යහපත් තීරණයක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වෙළඳ දැන්වීම් සඳහා දරුවන් යොදා ගැනීම පිළිබඳව විටින් විට කතා බහ ඇතිවුවද යම් යම් නීති සම්පාදනය වුවද ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේද යන්න ප‍්‍රශ්නසහගතව තිබුණි. දැන් නව රජය යටතේද දරුවන් වෙළඳ ප‍්‍රචාරණය සඳහා යොදා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභා වාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පැවසුවේ ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බවය.
මේ කාරණාව දරුවන්ගේ පසින් ඉතාමත් යහපත්ය. දරුවන් සම්බන්ධව නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමද කළ යුතුය.
ලංකාව තුළ එවන් නීති සම්පාදනය වුවද වෙනත් රටවලින් ගෙන්වනු ලබන වෙළඳ දැන්වීම් බොහෝ විට මාධ්‍ය තුළ ප‍්‍රචාරය විය හැකිය.
කෙසේවුවද දරුවන්ගේ යහපත උදෙසා මෙලෙස නීති කටයුතු සම්පාදනය වීම බොහෝ වැදගත්ය.

Back to top
Go to bottom

Popular News