lan englan tam

පුවත්

රන්දික අයියා කිව්වේ "මුකුත් කරන්න එපා, නිකන් හිටපන්" කියලා!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"මගේ අවසන් අරමුණ එක අධ්‍යක්ෂණයයි." මෙසේ පවසන්නේ ලලයි ලිලයි ලයි, පිරිමි ළමයි යන නාට්‍ය කෙරෙන් ප්‍රේක්ෂක ජනාදරයට පත් ජනප්‍රිය කුසලතා පිරි නළුවකු වන තීක්ෂණ විජේසිංහ වේ.

"මට සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතාගෙ ලිවිල්ල අහු වෙලා තියෙන්නේ. මට ලැබුණු අභියෝගාත්මක චරිතය බර්නි. මට රන්දික අයියා කිව්වේ 'උඹ මොකුත් කරන්න එපා නිකන් හිටපන' කියලා. රංගනයේදී නිකන් ඉන්න එක තමයි අමාරුම." යැයි තීක්ෂණ මෙසේ පවසන්නේ සතිපතා Mirror Mirro යූටියුබ් වැඩසටහනේ මාෂි සේනානායක සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
"සමහර විට ආදරය මළ කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. සමහර කෙනෙකුට විරහව මාර සුන්දර වෙන්නත් ඉඩ තියෙනවා. අපිට පවතින්න ආදරය අත්‍යාවශ්‍යයි. රඟපාන මනුස්සයෙක් කියනවට වඩා මම කැමතියි මම ආර්ට් කරන කරන, ආර්ට් හොයන මනුස්සයෙක් කියනවට." ඔහු සිය අව්‍යාජ අදහස් මාෂි සමග බෙදාගනී.
"මම සොබාදහම වෙනස් කරන්න කැමති නැහැ. වහිනවා නම් කුඩයක් අරන් යනවා මිසක් මම වැස්ස නවත්තන්න යන්නේ නැහැ. ලෝකය සනසන්න කලින් අපි සැනසිලා ඉන්න ඕන. වෙලාවක් එනවා එතකන් ඉවසන්න." යයි තීක්ෂණ පවසන සම්පූර්ණ Mirror Mirror සංවාදය Mirror Arts යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

Back to top
Go to bottom

Popular News